ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.
ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍ය වන්නේද මැයෙන් අධ්‍යනයක් සිදුකර ඇති ඔවුන් සොයාගෙන තිබෙන්නේ ජලය නොමැති ඇතැම් අවස්ථාවන්හි පවා ජීවය ඇතිව තිබෙන බවයි.
ජීවය ඇතිවීමට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාවලීන් සිදුවීමට මාධ්‍යය සපයන්නේ ජලයයි.
එම අධ්‍යනයට අනුව ඉතා අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් යටතේ කාබන් මූලද්‍රව්‍යයට ජලය වෙනුවට ආදේශයක් ලෙස ක්‍රියා කරමින් ජීවය ඇතිවීමට පදනම ඇතිකළ හැකි බව සඳහන්ය.
ඉහළ උෂ්ණත්වයන් හා ඉහළ පීඩනයන් හිදී කාබන් වලට වායුමය ගුණත් ද්‍රවමය ගුණත් එකසේ ලැබේ.
අධ්‍යනය සිදුකර ඇති විද්‍යාඥයින්ට අනුව මෙසේ කාබන් සම්පූර්ණයෙන්ම වායුවක් හෝ සම්පූර්ණයෙන්ම ද්‍රවයක් හෝ නොවන අවස්ථාවේදී එයට ජීවය ඇතිවීමේ ක්‍රියාවලියට එක්වීමේ හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට වතුර නැතිව ජීවත් වෙන්න බැරි උනාට.....වෙනත් ලෝක වල පණ තියෙන්න වතුරම ඕන නැති වෙන්න පුළුවන් අපි දන්නේ තම අපේ ලෝකේ ගෙන විතරනේ....සමහර විට ඒ ලෝක වල ජීවිය පවතින්න වෙනත් දේවල් තිබෙන්න පුළුවන් අපි දන්නේ නැති (අ)
බලමුකෝ තව ඉස්සරහට .(හේ)
අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා (දී)
මේ අය පට්ටපල් බොරු කියන්නේ. කෙටියෙන් කීවොත් මේ ලෝකය සර්වබලදාරි දෙවියන්ගේ නිර්මාණයකි. එංගලන්තයේ විදයාංඥයන්ට ඔලුවේ අමාරුවක් හැදිලද කොහෙද. (නදී)
අනේ මන්ද . ඉන්න ලෝකේ හරියට ජිවත් වෙන්න දන්නේ නැති අය , තවත් ලෝකවල් හොයන යනවා ඒවත් කුණු කරන්න. (හේ)
ඒ කියන්නේ අධික උෂ්ණත්ව තියෙන බුධ , පොලොව අභ්‍යන්තරය ආදී ස්ථාන වල අපි ට හිතාගන්න බැරි අන්දමේ ජීවයන් පවතින්න පුළුවන්. (නදී)
වෙන්න බෑ.වතුර නැතිව කිසිම ජීවියෙක්ට පැවැත්මක් නෑ.(හේ)
විනාඩි 5ක් වතුර නැතුව ඉන්න බැරි අපේ මිනිස්සුන්ට ඔය කියන විදියට ජීවත් වෙන්න පුළුවන්ද?(හේ)
අනේ බොරු කියන්නේ නැතුව යන්න.(හේ)
වතුර නැතුව ජීවත් වෙන්න බෑ.(හේ)
ජීවය ඕනෙම ලෝකෙක තියෙන්න පුළුවන්. ඒක මේ ලෝකේ තත්ත්ව එක්ක සංසන්දනය කරන එක වැරදියි. ඒ ලෝකේ තියෙන වායු සහ ජලය ඇති නැති බව අනුව එකට අනුගත වෙච්ච ජීවීන් පැවතිය හැකියි. මේවා බුදු දහමේ හොඳින් පැහැදිලි කරලා තියෙනවා. (ස)
එයාලට ඕනෑ දුප්පත් අපේ මුදල් මොනවටහරි යොදවන්නද? (නි)
සර්ව බල දාරි දෙවියන් නෙවෙයි ලෝකේ මැව්වේ. තාමත් තියෙන්නේ මිත්‍යා මත (නදී)
වතුර නැතිව ජීවත් වෙයිද කියලා බලන්නකෝ දවසක් ඉදලා.(හේ)
විද්යාව යනු අද කියනදේ හෙට වෙනස් වන දෙයකි. ලෝකය දෙවියෙක් මැව්වා නම් ඵයාටම කියලා බොහෝ දේ මණුස්සයන්ට උවමනා ලෙස හදා ගත හැකියි. එහෙම උත්සාහ කරණ අය එමටයි. ඒත් ඵ්වා මිත්‍යාමත විතරයි. (නදී)
හිරා ඔයා මොලේ උඩද වැඩිවෙලා ඉන්නේ. නවීන විද්‍යාවෙන් සැමදේ පහදලා දේවි. (නදී)
මේ ඔක්කෝගෙම මොලේ හොද නෑ විද්‍යාව බොරු කරන්න කාටවත් බෑ (ස)
දේව මැවීමේ සංකල්පයට අනුව ජලය තිබුන බවට සාක්ෂි ඇත.(හේ)