ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව‍්‍ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ.

 ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි පාර්ක්ස් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් තරංග 6 කුත් පුවටෝ රිකෝ හි පිහිටි අරෙසිබෝ අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් එක් තරංගයකුත් බැගින් මෙම තරංග ස්පන්ද 7 අනාවරණයව තිබේ.

2007 වසරේදීද මෙවැනිම ගුවන්විදුලි තරංග ස්පන්දයක් අනාවරණය වුනු අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයින් අවසානයේ සොයාගත්තේ එම ස්පන්දයට අභ්‍යාවකාශය තරණය කර පෘථිවිය කරා ළගාවීමට වසර ගණනාවක් ගතව තිබෙන බවයි.එනිසා එයට ලැබුනේ අඩු වැදගත්කමකි.

නමුත් මෙවර එම ස්පන්ද නිකුත්වූ මොහොතේම වාගේ ඒවා ග‍්‍රහණය කරගැනීමට පාර්ක්ස් හා අරෙසිබෝ දුරේක්ෂ සමත්ව තිබේ.

මෙම ස්පන්ද කවරකින් නිකුත්වූ ඒවාදැයි නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකිරීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිව නොමැත.ගැමා කිරණ විහිදුමකින්,අධික ගුරුත්ව බලයක් තිබෙන තරුවකින් නිකුත්වූ කිරණ විහිදුමකින් මෙවැනි ගුවන්විදුලි තරංග ස්පන්දයන් ඇතිවිය හැකි බව පවසන ඔවුන් එසේ වුවත් ඒ බව නිසැකවම තහවුරු කරගැනීමට සාක්ෂි මද බව කියයි.

පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් ලෙස මෙම ගුවන්විදුලි තරංගයන් හඳුන්වාදෙන පිරිසක්ද සිටී.

මෙම රේඩියෝ තරංගය වසර බිලියන 5.5 ක පමණ දුර සිට පැමිණෙන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණෙන්නට හේතුවී තිබෙන්නේ මව් ප‍්‍රභවයෙන් පිට වීමේදී තරංගය සතුවූ ශක්තිය පෘථිවිය කරා ළගාවීමේදී හානිවී තිබෙන බවක් හඳුනාගැනීමට හැකිව තිබීමය.එම හානිවීම සැළකිල්ලට ගෙන තරංගය ආලෝක වර්ෂ 5.5 දුරක සිටවත් පැමිණෙන්නට ඇති බව විද්‍යාඥයින් කියයි.

එසේ නමුත් එහි මව් ප‍්‍රභවය පිහිටා ඇති තැන සොයාගැනීමට අපහසුවී තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ ඉතා කෙටි කලකින් එයද සොයාගැනීමට හැකිවනු ඇති බවයි.තමන් බලාසිටින්නේ තවත් ගුවන්විදුලි තරංගයක් පෘථිවිය කරා ළගාවන තෙක් බවද එය ළඟාවූ වහාම එහි ප‍්‍රභවය සොයාගත හැකිසේ පිරික්සුම් උපකරණ සකස් කර තිබෙන බවද ඔවුන් පවසයි.