අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණින් ‘මරාගෙන මැරෙන‘ චන්ද්‍රිකාවක් නිපදවීමට බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටී.
මේ චන්ද්‍රිකාව රාත්තල් 6 ක පමණ බරකින් යුතුය.මෙනිසා අභ්‍යාවකාශ ගත කිරීමට වැඩි බලයක්ද අවශ්‍ය නොවන බව මෙය සැළැසුම් කර ඇති විද්‍යාඥ පිරිස කියයි. චන්ද්‍රිකාවට රුවල් 4කි. මේවා අභ්‍යාවකාශ ගත වනතෙක් පවතිනුයේ හැකිළීය.අභ්‍යාවකාශ ගත කළ පසු මේ රුවල් දිග හැරේ.එම රුවල් ඇලෙන සුළුය.මෙනිසා අභ්‍යාවකාශයේ ඇති අපද්‍රව්‍යය ඒවායේ ඇලීම සිදුවේ.මේ අතරතුරදී චන්ද්‍රිකාව සිය ගමන් වේගය ක්‍රමයෙන් අඩුකරගන්නා අතර එනිසා එය රුවල්හි බැදුනු අපද්‍රව්‍යයත් සමගම පොළවට කඩා වැටීම සිදුවේ.පොළවට කඩා වැටෙන අතරතුර වායුගෝලයේ වේගයෙන් ගැටීම නිසා උණුසුම් වී ගිනිගන්නා චන්ද්‍රිකාව වායුගෝලයේදීම විනාශ වී යන්නේ එහි රුවල් වල ඇලී ඇති අපද්‍රව්‍යයද සමගය.
හෙෘතික විද්‍යා නියමයන්ට අනුව පෘථීවිය වටා අභ්‍යාවකාශයේ ගමන් කරමින් පවතින වස්තූන් වලට අදාළ වේගයක් ඇත.මේ වේගය තීරණය වනුයේ වස්තුවේ ස්කන්ධයත් පෘථීවියේ ගුරුත්වාකර්ෂණ බලයත් වස්තුව පෘථීවියේ සිට පිහිටන දුරත් මතය.කිසියම් අවස්ථාවකදී මේ පෘථීවිය වටා ගමන් කරමින් තිඛෙන වස්තුවක වේගය අඩුවන්නේ නම් එය පොළවට කඩා වැටේ.මෙසේ සිදුවන්නේ එය පෘථීවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසාය.මේ චන්ද්‍රිකාවේද මූලධර්මය මෙයයි.එනම් පෘථීවිය වටා සරනා අපද්‍රව්‍යය හා බැදී
ඒවායේ වේගය අඩුකොට පෘථීවියට කඩා වැටීමට සැළැස්වීමයි.
මේ වන විටත් පෘථීවිය වටා අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය ටොන් 5500 ක් පමණ තිඛෙතැයි ගණන් බලා ඇත.මේවායින් බොහෝමයක් භාවිතයට ගෙන අතහැර දමා ඇති චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා වලින් ඉවත ලා ඇති අපද්‍රව්‍යයන් වේ.මේ අපද්‍රව්‍ය නිසා චන්ද්‍රිකා වලින් තරංග හුවමාරු කරගැනීමේදී නිරන්තරයෙන් බාධා පැමිණේ.අනෙක නම් අභ්‍යාවකාශ යානා පෘථීවියේ සිට අභ්‍යාවකාශ ගත වීමේදී මේ අපද්‍රව්‍යය වල ගැටී විනාශ වීමට ඇති සම්භාවිතාවයි.
මේ චන්ද්‍රිකාව ආධාරයෙන් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍යය ගැටලූව විසදා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක් නිසා එල්.ටී.ටී.ඊ. 007 කියල නම දැම්මොත් නරකද ? (නි)
ඔය කතාවම තමා අල කයිඩා එකෙන් කියන්නෙත් සදරුවන්. (නි)
සදරුවන්, බය වෙන්න එපා. ඔයාට ඔලුවක් නැහැනේ...... (නි)
මේවා කරන්නේ ලොව සුපතල අභ්‍යවකාශ විද්‍යාඥයින් නිසා බිම වැටෙන්න හදන්නේ නැහැ. ඔන්න උතුරු කොරියාව නම් රොකට් බිම දිගේ ඇරියා කියන්න පුළුවන්.සදරුවන්ලා බොරුවට කෑගහන්න එපා ඉරිසියාවට. (නි)
ඔලුවට කඩාවැටෙයි උතුරු කොරියාවෙන් ඇරියොත්.එකක් කඩා වැටුනා නේද ලගදි? (නි)
මුරුගන්ගේ ගම කොහෙද? බලාගෙන මේවා ගොඩක්ම වැටෙන්නේ කැළෑ වලට. (නි)
පරගැතියනි, පර්යේෂණ වලට තව සල්ලි ටිකක් හොයාගන්න තමයි දැන් සිරියාවට ගහන්න හදන්නේ. (නි)
ඉතාම හොද වැඩ මේවා ඔලුව උඩ නොවැටී තියේන එඑකයි ලොකුම දේ. (ස)
ඒකත් අපේ ඔලුවට කඩා වැටෙයිද ?(ස)
කොහොමද ඒක හොඳ චන්ද්‍රිකාවක ඇලිලා පහළට කඩා වැටුනොත්.. ? (ස)