IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිටසක්වල ජීවීයා ළඟ ළඟම

තවත් වසර 20 ක් පමණ ගතවූ තැන නියත වශයෙන්ම පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) කියයි.

ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නාසා ආයතනයේ විද්‍යාඥයෝ අදහස් දක්වමින් පවසා සිටියේ පිටසක්වල ජීවය සොයාගැනීමට හැකිවනු ඇත්තේ අපෙගේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් නොව වෙනත් සෞරග‍්‍රහ මණ්ඩලයකින් බවයි.

එසේ පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවුනි නම් එම සියලූ තොරතුරු ලෝකයාත් සමග බෙදාහදා ගැනීමටද කටයුතු කරන බව ඔවුහු කීහ.

හබල් දුරේක්ෂය,කෙප්ලර් දුරේක්ෂය,ස්පිට්සර් දුරේක්ෂය අභ්‍යාවකාශයේ රදවා ඇති දුරේක්ෂ වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද නාසා විද්‍යාඥයෝ අදහස් දැක්වූහ.

2017 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට නියමිත ‘‘ටෙස්‘‘ නම් ග‍්‍රහලෝක සමිීක්ෂක චන්ද්‍රිකාවත්,2018 වසරේදී අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිත අධෝරක්ත කිරණ යොදාගෙන අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු ජේම්ස් වෙබ් දුරේක්ෂයත් පිළිබදව නවතම තොරතුරුද ඔවුහු හෙළි කළහ.

ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ නිරීක්ෂණ දුරේක්ෂය මේ දක්වා නිපදවා ඇති ඉහළම තාක්ෂණයෙන් යුත් දුරේක්ෂය ලෙස සැළකෙන අතර එයින් අභ්‍යාවකාශ නිරීක්ෂණය නව මානයකට ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.



අදහස් (0)

පිටසක්වල ජීවීයා ළඟ ළඟම

ලේක්කෝ ගලබඩ Thursday, 17 July 2014 08:41 AM

බුදුන් වහන්සේ පිටසක්වල ජීවින් ගැන දේශනා කළේ අවුරුදු 2600 කටත් පෙර. එම ලෝකවල කාල නිර්ණය පවා පෘථිවියට සාපේක්ෂව 'කල්ප' වලින් පැහැදිලි කළා. දියුණු මනසකින් දැකිය, විඳිය යුතු දෙයක් ඇසෙන් පමණක් බලන්න යන නිසයි මෙය නොතේරෙන්නේ. (නි)

:       0       0

සාරංග Thursday, 17 July 2014 08:44 AM

මම මගේ කන කපාගන්නවා එහෙම එකෙක් හොයාගත්තොත් (නි)

:       0       0

සාරංග Thursday, 17 July 2014 08:45 AM

හේවා එහෙනම් තමුන්නාන්සේ මිනිසෙක් නෙවෙයිද? (ස)

:       0       0

හේවාවිතාරණ Thursday, 17 July 2014 09:10 PM

පිටසක්වල ජීවීන් සොයන එකත් ලෙහෙසි නැහැ වගෙයි (නි)

:       0       0

ප්‍රසාන් Thursday, 17 July 2014 10:55 PM

දැනටමත් අපි පිටසක්වල ජීවීන්ගේ බැල්මට ලක්වෙලා, ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙලා ඉන්නේ කියලා සමහර ලොව පිළිගත් විද්‍යාඥයින් ඉතා ප්‍රබල තර්ක ගෙනවිත් තියෙනවා. (නි)

:       0       0

පහන් Thursday, 17 July 2014 10:36 AM

මෙහෙමත් මෝඩයෝ. (අ)

:       0       0

නිමල් Wednesday, 16 July 2014 12:34 PM

අපි නම් දන්නවා අපේ ලෝකයෙන් පිටත වෙනත් ජීවීන් ඉන්න බව. පිටසක්වල ජීවින් ගැන හොයන්න මහන්සිවෙන්නේ නැතුව අපේ ශරීර කූඩුව ඇතුළත හොඳට බැලුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

කුමාර් Wednesday, 16 July 2014 01:08 PM

මේ හීන සැබෑ වෙයිද? (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 17 July 2014 11:09 AM

'සිතමිස කය නැති බඹ ලොව සතරෙකි. සිත ඇතිවම කය ඇති බඹ තලයකි" බුදුන්වහන්සේගේ දේශනාවේ තිබෙයි.මෙය චක්‍රාවාටයේ කොතැනක හෝ තිබෙයි. දුෂ්කර සොයාගැනීමකි (නදී)

:       0       0

රෝහිත් Thursday, 17 July 2014 11:19 AM

අපේ සෞරග්‍රහ මණ්ඩලේ එහාම කෙළවරට යන්නත් අවුරුදු තිස් ගණනක් ගියා වොයෙගේර් යානයට. ඉතින් අවුරුදු විස්සකින් කොහොමද කියන්නේ මෙහෙම? (නි)

:       0       0

මහින්ද Thursday, 17 July 2014 11:29 AM

බලමුකෝ. අපිත් බලාගෙන ඉන්නේ එයාලා බලන්න තමයි (නි)

:       0       0

ඩිංගිරි Thursday, 17 July 2014 04:48 AM

“බාලගිරි දෝෂය අද නොවේ හෙට“ කියලා නාසා එකේ දොරේ ගහන්න ඕනා. (නදී)

:       0       0

රේණුක Thursday, 17 July 2014 11:51 AM

ආලෝක වර්ෂ 300ක් විතර දුර බලන්න පුළුවන් දුරේක්ෂයක් තියෙනවා නම් ඕකෙන් දැන්ම බලන්න බැරිද? මේ ලෝකයේ කොපමණ මිනිසුන් ඉන්නවද එදා වේල කන්න නැතුව. ඒවාට පිළියමක් හොයන්නේ නැතුව මොනවද මේ කරන දේවල්? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 17 July 2014 06:43 AM

ජීවීන් ඉන්නේ මේ සක්වලේ නොව පිට සක්වලේ විත්තිය මුලිම ලොවට හෙළි කලේ බුදු රජාණන් වහන්සේ ය. මේ ගොල්ලෝ දැන් කයිවාරු ගහනවා ජීවීන් ඉන්නේ පිටසක්වලේ කියල. (ස)

:       0       0

පිටිගල Wednesday, 16 July 2014 04:05 PM

පෙර පිනකට ලෝකයේ ජීවත් වෙන්න හොඳම තැන ඉපදුනත් දැන් යන්න තැනක් නැති නිසා එතනම ඉන්නවා. ඒ තමයි අපේ ලංකාව. ලංකාව දැන් ඉවරයි. (අ)

:       0       0

ලක්ෂපාන Wednesday, 16 July 2014 04:20 PM

බොරු පම්පෝරී නැතිව එම්.එච් 370 හෙව්වා නම් නරකද. (නදී)

:       0       0

ජයාත් Friday, 18 July 2014 10:56 AM

ඔව් ප්‍රසාන්, එහෙම තර්ක තියනවා නම් තමයි. නමුත් ඒවාට ප්‍රතිතර්කත් තියනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site