
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලේ පිළිකාවකින් පීඩා විඳින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් බ්‍රිතාන්‍යයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන ක්‍රිස්ටෝපර් ස්ටීල් අනාවරණය කර තිබේ.
ක්‍රිස්ටෝපර් ස්ටීල් මේ බව අනාවරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. රුසියන් ජනාධිපති පුටින්, පිළිකා රෝගී තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් මීට දින කීපයකට පෙර බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි.
පුටින්ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ක්‍රිස්ටෝපර් ස්ටීල් වැඩි දුරටත් කියා සිටියේ, රුසියාවෙන් තමන්ට ලැබෙන බුද්ධි තොරතුරු නිවැරදි නම්, පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝ සෙයින් පිරිහී ඇති බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd