
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සාමය ගැන කතා කළත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඔහුගේ උනන්දුවක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට එල්ල කරන ප්‍රහාර කරයේ හෙලා දකිමිනි. යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, රුසියාවටත්, ජනාධිපති පුටින්ටත් දිගට හරහට සම්බාධක පනවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
පසුගිය සති අන්තයේ රුසියන් හමුදා මිසයිල සහ ඩ්‍රෝන 800 ක් භාවිතයට ගනිමින් යුක්රේනයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළේය. එසේ එල්ල කළ එක් ප්රහාරයකින්,යුක්රේනයේ කීව් අගනුවර, ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලට ද හානි සිදුවිය. යුක්රේන කැබිනට් අමාත්‍යවරන්ගේ ගොඩනැගිල්ල ලෙස ද සැලකෙන්නේ ප්‍රහාරයට ලක්වුණු මෙම ගොඩනැගිල්ලය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු, රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් මෙසේ ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ ඉහළ මහල කීපයකටත්, වහලයටත් හානි සිදුවිය. ගින්නක් ද හටගත්තේය. මේ අතර, කීව් අගනුවර සිවැටෝෂයිස්කී දිස්ත්‍රික්කයේ ස්ථාන අටකට කීපයකට ද රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් බිලිඳකු ද ඇතුළු සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සිවැටෝෂයිස්කී දිස්ත්‍රික්කයේ මහල් නිවාස කීපයකට ද රුසියන් හමුදාව ප්‍රහාර එල්ල කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd