
නිදහස් ලෝකයේ සෑම රටක් ම යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරෝධය පළ කළ යුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ පෝලන්තයේ වෝෂෝ නුවරට ගිය අවස්ථාවේදීය. ජනාධිපති බයිඩන් පෝලන්තය බලා ගියේ යුරෝපා සංචාරයක් අරඹමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් 'නේටෝ' මහ සමුළුව ද ආමන්ත්‍රණය කිරීමෙන් පසුවය.
පෝලන්තය යුක්රේනයේ අසල්වැසියාය. ඇමෙරිකන් ජනාධිපතිවරයා පෝලන්තයට ගියේ යුක්රේනයට තමන්ගේ සහාය ලැබෙන බව පෙන්වා දෙමිනි.
රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙව් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ පෝලන්ත ජනාධිපති ඩුඩා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd