
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමෙරිකන් රජයට සහාය පළ කරමින් රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකන් සමාගම් බොහොමයක් රුසියාවට සම්බාධක පනවමින්, රුසියාව සමඟ සබඳතා අත්හිටුවීමට පීයවර ගෙන තිබේ.
එසේ සබඳතා අත්හිටවූ එක් ඇමෙරිකන් සමාගමක් ලෙස මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සැලකෙයි.
ලෝක ප්‍රකට ක්ෂණික ආහාර වෙළඳ ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් රුසියාවේ ඇති ඔවුන්ගේ අවන්හල් 800 කට වැඩි ප්‍රමාණයක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළේය. ඒ එම අවන්හල්වලින් බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්‍රිය කරන රුසියානුවන් අමාරුවේ දමමිනි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා මැදිහත් වී, රුසියාවේ බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි ආහාරලෝලීන් වෙනුවෙන් අපූරු ක්‍රියාමාර්ගයක් ගත් අතර, එය සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් කතාබහට හේතුවක් වී ඇත.
මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැල් වසා දැමීමත් සමඟ රුසියානු රජය සන්නාමගත අවන්හල් සියල්ලම වෙනත් නමකින් නම් කර ඇත්තේ මැක්ඩොනල්ඩ් ලාංඡනය ද සියයට 90 කින් කරකවා වෙනස් කරමිනි.
ඒ අනුව රුසියාව අලුතින් විවෘත කළ ආහාර අලෙවිසැල් හැඳින්වෙන්නේ අංකල් වන්යා යනුවෙනි. දේශීය වශයෙන් වගා කරන ලද අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරන බැවින් අංකල් වන්යා අවන්හල්වල ආහාර මිල ද ඉතා අඩු බව පැවැසෙයි.
(බිස්නස් ඉන්සයිඩර්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ගේන් නව අවන්හල් ජාලයක්
Sisira Meedeniya Friday, 25 March 2022 07:17 PM
විශිෂ්ඨ තීරණයක්...!
ඒ.ටි.කේ. චතුරංග Saturday, 26 March 2022 06:46 AM
100 ට 90 කින් නොව, අංශක 90 කින් ලෙස නිවැරදි විය යුතුයි.
Srimathi Saturday, 26 March 2022 07:39 AM
මෙන්න තම රටට ආදරය ඇති මිනිස්සු... රට හදන්න මොළයයි, ක්‍රියාවයි දෙකම අවශ්‍යයි.
Jagath Saturday, 26 March 2022 04:24 PM
නියමයිනේ.. මෙන්න නියම නායකයින්.. ඒකට අපේ අය...