
සාර්ථක සායනික අත්හදා බැලීම්වලින් පසු, රුසියාව, එරට පිළිකා රෝගීන් වෙනුවෙන් නිපදවූ පිළිකා නාශක එන්නත බෙදා දීමට සූදානම් වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදෙස් අනුව, මෙම එන්නත නොමිලේ ලබා දීම සිදුවනු ඇති බවය.
රුසියන්, ෆෙඩරල් වෛද්‍ය සහ ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ, ‘එන්ටරෝමින්ස්’ නමැති මෙම එන්නත, වසර තුනක් තිස්සේ කළ අත්හදා බැලීම්වලින් ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළ බවය.
රුසියන් විද්‍යාඥයන් මෙම එන්නත නිපදවා ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරසය එරෙහිව එන්නත් නිපදවීමට යොදා ගත් තාක්ෂණයයි. රුසියන් විද්‍යාඥයන් ‘කොවිඩ් 19’ වයිරසට එරෙහිව නිර්මාණය කළේ ‘එම්.ආර්.එන්.ඒ’ වර්ගයේ එන්නතකි.
මෙම නව එන්නත එක් එක් පුද්ගලයාගේ ඩී.එන්.ඒ. ව්‍යුහයට අනුව නිර්මාණය වෙයි. මෙහිදී සිදුවන්නේ සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය කර, පිළිකා සෛල විනාශ කිරීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd