තුර්කිය රුසියා යානයකට තුර්කි – සිරියා දේශ සීමාවේදී ප්‍රහාර එල්ල කර බිම හෙළීම රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් හෙළා දැක ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
ත්‍රස්තවාදයට සහාය පළ කරන අය පිටුපසින් සිට පිහියෙන් ඇනීමක් ලෙස මෙම ප්‍රහාරය සලකන බව පූටින් පවසයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති බව විදෙස් පුවත් සේවා කියයි.
රුසියා යුද ප්‍රහාරක යානයට අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය සඳහන් කරන අතර රුසියාව කියනුයේ තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව යි.
නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් කියනුයේ රුසියා යානය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව යි.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි රුසියා ජනපති පූටින් තුර්කියට අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර රුසියාවේ කිසිවකුට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද එරට විදේශ අමාත්‍යංශය දැනුම් දී ඇතැයි රුසියාවේ ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හරි නුවන්....ගොඩක් අය හිතන් ඉන්නේ රුසියාව හරි බලවත් කියලා. (බ)
තුර්කිය කළ වැඩේ හරියටම හරි. තුර්කිය නිදහස් රාජ්‍යයක් (නි)
නුවන් චමී ලට ඉරාකයට ලිබියාවට සිරියාවට බටහිරින් ලැබුණු මානව නිදහස ගැන අමතක වෙලාද? ඔය හැම මුස්ලිම් අනතවාදී සන්විදානයක්ම ඇති වුනේ ඔයාලගේ ඔය ප්‍රජාතන්ත්‍රවාදී බටහිර රටවල් නිසාබව අමතක කරන්න එපා(රේ)
මෙය ඉතාමත් පහත් ක්‍රියාවක්! ඇමරිකාව දැනුවත්ව කරන ලද වැඩක් (බ)
අමරසිංහ, ත්‍රස්තවාදය ඇතිකරන්නේ බටහිර රටවල්. අයිඑස් සන්විධානය ඇතිවුණ අයුරු ඔයා ඉංග්‍රීසියෙන්ම කියවලා බලන්න. (නි)
නුවන්, චමි කියන මානව නිදහස ඒගොල්ලෝ යුද්ධ කරලා බලය අහිමිකළ රටවලට ලැබිලාද? එම රටවලට දැන් යනඑන මං නැතිවෙලා. ඔය නුවන්, චමි දකින සිහින නෙමෙයි සැබෑවට සිදුවන්නේ. බටහිර රටවල් අතගැසූ තැන් ඉවරයි. මා ජීවත්වන්නේ බටහිර රටක නිසා හොඳින් දන්නවා, මොවුන් ක්‍රියාකරන්නේ මොවුන්ගේ ආර්ථික සහ වාණිජ වාසියට පමණයි (නි)
තුර්කිය ගානට වැඩියි දැන් (නි)
ඇමෙරිකාව කරන්නේ බොරුවට ත්‍රස්තවාදය නැතිකරනවා කියලා පෙන්නන එක විතරයි. මොනවා කිවුවත් තාම රුසියාවට ඔය ඔක්කොම බයේ ඉන්නේ. (නි)
තුර්කියත් දැන් රෙදි පාන්කඩ කාපු බල්ලෙක් වගෙයි. කළ මෝඩකම පසුවට තේරෙයි. මතකද, ජෝර්ජියාවට වෙච්ච දේ? (නි)
ඔය තුර්කිය නිදහස් රාජ්‍යයක් කියලා කියන අයට අමතක වෙලා ඇති අපේ රටත් නිදහස් රාජ්‍යයක් කියලා..රුසියාව හරි ඉහළ රටක් උනත් නැතැත් ත්‍රස්තයන්ට උදව් කරන්නේ ඇමරිකාව කියලා බුද්ධිමත් මිනිස්සු දන්නවා.එකට විරුද්දව කටයුතු කරන්නේ රුසියාව විතරයි..චිනයත් එකතු වෙන්න ඕනා (හේ)
රන්ජන් නිකන් හිතේ තියෙන බටහිර විරෝදය නිසා මෝඩ කතා කියන්න එපා... ලෝකයේ ත්‍රස්තවාදයට උදව් කරන්නේ ගල්ෆ් අරාබි රටවල්... ඊලගට උතුරු කොරියාව, ඉරානය, පාකිස්තානය වගේ රටවල්... පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රස්තවාදය ගැන පලවෙන ලිපි කියවන්න... ත්‍රස්තවාදයට එරෙහිව 2001 ඉඳන් වැඩිම සටන් කරලා ඇත්තේ බටහිර රටවල්. (ස)
කළු සුද්දන්ට ඇමෙරිකාවේ සහ බටහිර රටවල අමන ක්‍රියාපිළිවෙත තේරුම් කරන්න බැහැ. (ර)
තුර්කිය නේටෝ සංවිදානයේ සාමාජිකයකු නිසා , ඔවුන් හැසිරෙන්න මුළු ලෝකයම ඔවුන්ගේ කියා සිතා , අයි එස් ත්‍රස්තයනට උදව් කිරීම ආයුධ සැපයිම , ඔවුන්ගෙන් ඉතා අඩු මුදලට තෙල් ගැනීම තුර්කිය කරන නිසා , තුර්කිය කැමති නැහැ , අයි එස් සංවිධානය නැති කරනවට , ඉදිරියේදී වන දෙය බලා සිටිමු , සැමදා නියන් එක වැස්සකින් ඉවර වනවා (අ)
පුටින් මහත්තයෝ තුර්කියේ අයත් ටිකක් වැඩියි වගේ නේද (බ)
අමරසිංහ මහත්තයෝ, ඉංග්‍රීසි භාෂාවෙන් කියෙවුවොත් විතරද දැනුමක් ලැබෙන්නේ? වෙන භාෂා වලින් කියෙවුවොත් ඒවා වැටහෙන්නේ නැද්ද? (නි)
තුර්කියත් දෙවියන් හමුවට පූටින් මහත්තයා ළගදීම යවයි වගේ. තුර්කියට අමතක වෙලා තියෙන්නේ ඒගොල්ලෝ හැප්පුනේ ලෝකේ බලවත්ම රටත් එක්ක කියල (බ)
තුර්කියත් දෙවියන් හමුවට පූටින් මහත්තයා ළගදීම යවයි වගේ. තුර්කියට අමතක වෙලා තියෙන්නේ ඒ ගොල්ලෝ හැප්පුනේ ලෝකේ බලවත්ම රටත් එක්ක කියලා. (ර)
අමරසිංහ , ගල්ෆ් සල්ලි වලින් තමයි යූඑස්ඒ වලින් ආයුධ ගන්නේ. මතක තියාගන්න ලංකාවේ පිහිටට හිටියේ චීන, රුසියා විතරයි. අනික උතුරු කොරියාව මේවට ගාවගන්න එපා. (නි)
තුර්කිය වැඩ වරද්දා ගන්න වගෙයි යන්නේ (නි)
තුර්කිය මේ කළ අමන ක්‍රියාවට රුසියාවෙන් සහ මුළු ලෝකයෙන්ම සමාවක් අයදිය යුතුය. ලෝකයේ බලවත් රටක් වන රුසියාව මෙයට නේටෝ සාමාජික තුර්කිය සමග යුද නොවදින්න උත්සාහ කරයි. ඊට හේතුව තුන්වන ලෝක යුද්ධයක් ඇවිලීමෙන් කිසිවෙක් ජයග්‍රහණය නොකරන බව ඔවුන් දන්නා නිසා. මෙහිදී වැදගත් වන්නේ රුසියාව තැන්පත්ව තැබීමට තුර්කියට කළ හැකි සියල්ල කිරීමය. (බ)
තිනුර කුරේ මහත්තයෝ ඔයා චුට්ටක් තුර්කියේ යුධ ශක්තිය ගැනත් බැලුවානම් හොදයි නේද.? (ර)
මටනම් පෙනෙන්නේ පුටිනුත් කටින් බතල කොළ හිටවනවා වගේ? කෝ ඉතින් ඔය කියන වැඩ? අපේ අයියලත් නිකන් හුරේ දානවා. (ස)
මෙය තුර්කිය සිතාමතාම කළ දෙයක්. මොකද ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය පුටින්ගේ කකුලෙන් අදින්නේ යුද්ධයට සහය පළකරන්න එකතුවන ලෙසට ප්‍රංශයට ත්‍රස්තයන් ප්‍රහාර එල්ල කළ දා සිටයි. ඒත් පුටින් ඒ දෙස බුද්ධිමත්වයි බැලුවේ. අයි එස්ලා කෙසේවෙතත් තුර්කිය නම් බිමට සමතලාවෙයි ඉක්මනින් (නි)
රුසියාවට සහය පළකරමු. (ර)
මේ වෙලාවේ පුටින් මහත්තයට හැමෝම සහය දිය යුතුයි මම හිතන්නේ. (ර)
සමහරුන්ගෙ කොමන්ට් වලින් පේනව හිතාගෙන ඉන්නේ රුසියාව හරි ඉහළ රටක් කියල වගේ... රුසියාවෙ ස්ටාලින් වගේ ඒකාධිපතියො කොමියුනිස්ට් යුගයෙදි තමන්ගෙ රට ඇතුලෙ විතරක් මිනිස්සු මරල තියෙනව හිට්ලර්ට වඩා... බටහිරට සාපේක්ෂව කිසිම මානව නිදහසක් නැති රටක්.. දැන් සිරියාවේ ඒකාධිපති අසාද්ට උදව් කරන්නෙත් සිරියාවෙ තියෙන රුසියානු කදවුරු ටික බේරගන්න...(බ)
පුටින් හිමිජ්ජා වාගේ හිටියාට මාර වැඩ කාරයෙක්.පහු වෙනකොට තේරෙයි තුර්කි කාරයන්ට. (බ)
තුර්කියට දෙන්න ඕනේ සීතල ගේමක් . බෝම්බ දාල වෙඩි තියල හරියන්නේ නැහැ. නේටෝ හමුදා පවර් එක තුර්කියට තිබුනට ආර්ථිකයට ලොකු පහරක් ගසාවි පුටින්.... ඒ විදිහට තමයි ගහන්න ඕනේ (බ)