
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපුරා විනාශ වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ලිමොසීන් මෝටර් රථය ගිනිගෙන ඇත්තේ, මොස්කව් අගනුවර ෆෙඩරල් බුද්ධි අංශ මූලස්ථානය ඉදිරිපිටදීය. එම අවස්ථාවේ රුසියන් ජනාධිපතිවරයා මෝටර් රථයේ සිට නැත.
කෙසේ නමුත් සිදුවීම මුල්කොට ගනිමින්, ජනාධිපති පුටින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇතැයි පැවැසෙයි.
රුසියන් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල වී ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.
රුසියන් ආරක්ෂක අංශ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
ඇමෙරිකන් ඩොලර් 3,55,796 ක් වටිනා අවුරුස් වර්ගයට අයත් එම මෝටර් රථයෙන් ගිනිදැල් සහ දුම් නැගෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුටින්ගේ මෝටර් රථය ගිනි අරන්
ගුණරත්න Monday, 31 March 2025 08:17 AM
ලක්ෂ ගණනාවක් මරණ වලට වගකිවයුත්තෙක් මේ. කෝටි දහස් ගණනාවක් දේපළ හානියක්, පරිසර හානියක් කල තැනැත්තෙක් මේ!