
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපුරා විනාශ වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ලිමොසීන් මෝටර් රථය ගිනිගෙන ඇත්තේ, මොස්කව් අගනුවර ෆෙඩරල් බුද්ධි අංශ මූලස්ථානය ඉදිරිපිටදීය. එම අවස්ථාවේ රුසියන් ජනාධිපතිවරයා මෝටර් රථයේ සිට නැත.
කෙසේ නමුත් සිදුවීම මුල්කොට ගනිමින්, ජනාධිපති පුටින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇතැයි පැවැසෙයි.
රුසියන් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල වී ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.
රුසියන් ආරක්ෂක අංශ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
ඇමෙරිකන් ඩොලර් 3,55,796 ක් වටිනා අවුරුස් වර්ගයට අයත් එම මෝටර් රථයෙන් ගිනිදැල් සහ දුම් නැගෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ ගණනාවක් මරණ වලට වගකිවයුත්තෙක් මේ. කෝටි දහස් ගණනාවක් දේපළ හානියක්, පරිසර හානියක් කල තැනැත්තෙක් මේ!