IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පුටින්ගේ තීරණය ඇමෙරිකාවේ විරෝධයට

යුක්රේනයට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන ඩොනෙස්ක් සහ ලුහාන්ස්  පළාත් සඳහා සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.

ඒ, රුසියන් හිතවාදීන්ගෙන් සමන්විත මෙම පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගැනීමත් සමඟය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් සඳහා සම්බාධක පැනැවීම සිදු කළේ විධායක නියෝගයක් නිකුත් කරමින් යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.

රුසියාව යුක්රේනයට පහර දීමක් කළහොත් ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් සඳහා තව තවත් ආර්ථික, වෙළෙඳ සම්බාධක පැනැවීම සිදු කරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවීම් කර ඇතැයි ද ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වැඩි දුරටත් කියා සිටියාය.

මේ අතර ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති පුටින් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත.

පුටින් ගත් තීරණය යුක්රේනයේ ස්වෛරීත්වයට තර්ජනයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  බොරිස් ජොන්සන් පැහැදිලි කර තිබේ. ජර්මනිය පවසා ඇත්තේ, රුසියන් ජනාධිපතිවරයා ගත් තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

යුක්රේන රුසියානු අර්බුදය සාමකාමීව විසඳා ගැනීම සම්බන්ධයෙන් මැදහත් වී සිටින්නේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය. ප්‍රංශ ජනාධිපති මැක්රෙන් මැදිහත් වී, පුටින් සහ බයිඩන් මුණ ගැස්වීමට ද  කටයුතු කර ඇත.

රුසියන් ජනාධිපතිවරයා ඩොනෙස්ක් සහ ලුහාන්ස්  පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේ එවිටය. ඒ අනුව, රුසියාවට දැඩි සම්බාධක පැනැවීමක් කළ යුතු යැයි කෝපයට පත් වුණු ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

පුටින්ගේ තීරණය ඇමෙරිකාවේ විරෝධයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site