
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැබැවින්ම කැමැති නම්, පුටින් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
ඇමෙරිකන් බයිඩන්, රුසියන් ජනාධිපති හමුවීමට කැමැත්ත පළ කළේ ධවල මන්දිරයට ආ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd