
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී යානය, අනතුරට පත් වී කඩා වැටුණේ කසක්ස්තානයට ඉහළින් පියාසර කරද්දීය. අංක 8432 එම යානය, අසර්බයිජානයේ බාකූ අගනුවර සිට දකුණු දිග චෙච්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබුණේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 67 දෙනකු සමඟය.
රුසියන් ගුවන් ආරක්ෂක මිසයිලය යානයට වැදීමත් සමඟ, නියමුවන්ට යානය පාලනය කර ගැනීමට නොහැකි වුණු අතර, එය හදිසි ගොඩබෑමක් ලක් කෙරුණි. එයින් යානයට දැඩි හානි සිදුවිය. යානයේ සිටි 29 දෙනකුගේ දිවි බේරා ගැනීමට යානයේ නියමුවන් සමත් වූයේ ඔවුන්ගේ ජීවිත පූජා කරමිනි. යානයේ නියමුවන් වීරයන් බවට පත් කිරීමට ඔවුන්ගේ එම ක්‍රියාව හේතුවක් විය.
අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් පසුගිය දා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි. දහවල් 12 වෙද්දී, අසර්බයිජාන ජාතික ධජ අඩකුඹු කරමින්, මුළු රටම මිනිත්තුවක් නිහඬ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානු හමුදා, යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එය යුක්රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වනවිට සිදුකළ විමර්ශනවලින් තරහුරු වී ඇත.
පුටින්ට අමතරව, රුසියන් රජය මෙන්ම රැසියන් හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර ඇත. අසර්බයිජාන මගී යානය කඩා වැටුණේ රුසියාව වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යැයි පළමුවෙන් අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව තම ආරක්ෂක පද්ධතිය නිසියාකාරව නිරික්ෂණය කළේ නම් මෙවැනි අත්වැරැදීම සිදුවන එකක් නැහැ. ඒත් ඇමරිකාව සහ ඊශ්‍රායලය දැන දැන අහිංසක මිනිසුන් ඉන්න තැන්වලට බෝම්බ දාලා මරණවා. ඒවාට සමාව ගන්නත් බැහැ දෙන්නත් බැහැ...
පරමාණු බෝම්බයක් ඔහොම ‘වැරදීමකින්‘ පත්තු වුණොත්..?
පූටින් ලෝකයේ සාමයට විශාල බාධාවක්. මිලිටරි මානසිකත්වය හා මමත්වය අධික මේ මිනිසා ඊළඟ ලෝක යුද්ධය වෙන ගමන් කරන බව පේන්න තියෙන්නේ. බහුතර රුසියානු වැසියන් මේවා අනුමත නොකරයි. බලය අනවශ්‍ය කාලයක් එකම පුද්ගලයකු මත පැවතීම අතිශයින් භයානකයි.