IMG-LOGO

පුටින් සමාව ඉල්ලයි

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී යානය, අනතුරට පත් වී කඩා වැටුණේ කසක්ස්තානයට ඉහළින් පියාසර කරද්දීය. අංක 8432 එම යානය, අසර්බයිජානයේ බාකූ අගනුවර සිට දකුණු දිග චෙච්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබුණේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 67 දෙනකු සමඟය.

රුසියන් ගුවන් ආරක්ෂක මිසයිලය යානයට වැදීමත් සමඟ, නියමුවන්ට යානය පාලනය කර ගැනීමට නොහැකි වුණු අතර, එය හදිසි ගොඩබෑමක් ලක් කෙරුණි. එයින් යානයට දැඩි හානි සිදුවිය. යානයේ සිටි 29 දෙනකුගේ දිවි බේරා ගැනීමට යානයේ නියමුවන් සමත් වූයේ ඔවුන්ගේ ජීවිත පූජා කරමිනි. යානයේ නියමුවන් වීරයන් බවට පත් කිරීමට ඔවුන්ගේ එම ක්‍රියාව හේතුවක් විය.

අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් පසුගිය දා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි. දහවල් 12 වෙද්දී, අසර්බයිජාන ජාතික ධජ අඩකුඹු කරමින්, මුළු රටම මිනිත්තුවක් නිහඬ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

රුසියානු හමුදා, යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එය යුක්රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වනවිට සිදුකළ විමර්ශනවලින් තරහුරු වී ඇත.

පුටින්ට අමතරව, රුසියන් රජය මෙන්ම රැසියන් හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර ඇත. අසර්බයිජාන මගී යානය කඩා වැටුණේ රුසියාව වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යැයි පළමුවෙන් අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

පුටින් සමාව ඉල්ලයි

ජයනාත් Sunday, 29 December 2024 07:38 AM

රුසියාව තම ආරක්ෂක පද්ධතිය නිසියාකාරව නිරික්ෂණය කළේ නම් මෙවැනි අත්වැරැදීම සිදුවන එකක් නැහැ. ඒත් ඇමරිකාව සහ ඊශ්‍රායලය දැන දැන අහිංසක මිනිසුන් ඉන්න තැන්වලට බෝම්බ දාලා මරණවා. ඒවාට සමාව ගන්නත් බැහැ දෙන්නත් බැහැ...

:       0       3

Nimal Sunday, 29 December 2024 08:17 AM

පරමාණු බෝම්බයක් ඔහොම ‘වැරදීමකින්‘ පත්තු වුණොත්..?

:       0       0

Lasa Sunday, 29 December 2024 10:31 AM

පූටින් ලෝකයේ සාමයට විශාල බාධාවක්. මිලිටරි මානසිකත්වය හා මමත්වය අධික මේ මිනිසා ඊළඟ ලෝක යුද්ධය වෙන ගමන් කරන බව පේන්න තියෙන්නේ. බහුතර රුසියානු වැසියන් මේවා අනුමත නොකරයි. බලය අනවශ්‍ය කාලයක් එකම පුද්ගලයකු මත පැවතීම අතිශයින් භයානකයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 479 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 915 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site