IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුටින් විදෙස් සංචාරයකට සූදානම්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදෙස් සංචාරයකට සූදානම් බව එරට ජාතික රූපවාහිනය නිවේදනය කර තිබේ. රුසියන් ජනාධිපතිවරයා සංචාරය කරනු ඇත්තේ රුසියාවට හිතවත් මධ්‍යම ආසියානු රාජ්‍යයන් වන  ටජිකිස්තානයේ සහ ටර්ක්මෙනිස්තානයේය. මෙම රටවල් දෙක අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් විය.

පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් විදේශ සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

යුක්රේනයට එරෙහිව පුටින් ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක රැසක් පනවා ඇත. ඒ, රුසියාව අඩපණ කිරීමේ අරමුණින්ය.

එම සම්බාධක හේතුවෙන්, රුසියාව ඉන්දියාව, චීනය, ඉරානය ආදී ඔවුන්ට හිතවත් රාජ්‍යයන් සමඟ ශක්තිමත් වෙළෙඳ ගනුදෙනු ආරම්භ කර තිබේ.

ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝ තව නොබෝ දිනකින් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණීමට ද නියමිතය. ඒ, රුසියාව සමඟ ශක්තිමත් වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමේ අරමුණින්ය.

රුසියන් ජනාධිපතිවරයා ටජිකිස්තානයේත්, ටර්ක්මෙනිස්තානයේත් සංචාරය කරන්නේ එම රටවල් සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.

ටජිකිස්තානයේ ඩුෂන්බේ නුවරදී, පුටින් ටජිකිස්තාන ජනාධිපති ඉමෝමායිල් රක්මොන් හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි පැවැසෙයි. ඉමෝමායිල් රක්මොන්, පුටින් හිතවාදියෙකි.

ඉන්පසු රුසියන් ජනාධිපතිවරයා අෂ්ගාබාත් නුවරදී කැස්පියන් රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය. ටර්ක්මෙනිස්තානය, කසක්ස්තානය, අසර්බයිජානය, ඉරානය යනු කැස්පියන් රටවල සමුළුවට සහභාගී වන සෙසු රටවල්ය.

රුසියන් ජනාධිපතිවරයා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, පසුගිය පෙබරවාරි මාසය ආරම්භයේ, චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීය.

එහිදී තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් බව පුටින්, චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ යැයි ද පැවැසෙයි. රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය රුසියාවට හිමිවෙයි. මේ වනවිට චීනයේ ප්‍රධානතම තෙල් සැපැයුම්කරු බවට පත් වී සිටින්නේ මැදපෙරදිග රටවල් නොව, රුසියාවය.

(රොයිටර්)



අදහස් (0)

පුටින් විදෙස් සංචාරයකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site