රොයිටර් ඇසුරිනි (මොස්කව්)
ඉදිරියේදී තමන් විවාහ වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එහෙත් විවාහ වන්නේ කවුරුන් සමඟ යැයි ද ඔහු අනාවරණය නොකළේය.
හැට හය වන වයසේ පසුවන රුසියානු ජනාධිපතිවරයා තම පෞද්ගලික ජීවිතය බෙහෙවින් ආරක්ෂා කරන්නකු ලෙස ප්‍රකටය.
වාර්ෂික මාධ්‍ය හමුවේදී වාර්තාකරුවකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
වාර්ෂික මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු විය.
“ගෞරවාන්විත මිනිසකු ලෙස, කොයි යම් හෝ මොහොතක මට මෙය කරන්න වෙනවා” යැයි පුටින් සිනා සෙමින් පැවැසීය.
රුසියානු ජනාධිපති පුටින් 1983 වසරේදී ලූද්මිලා පුටිනා හා විවාහ විය. වසර 2013 දී ඔවුහු දික්කසාද වන බව නිවේදනය කළහ. ඔවුන්ට කැත්රිනා සහ මරියා නමින් දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන් මේ වනවිට තිස් වන විය ඉක්මවා ඇතැයි පැවසේ. දියණියන් හෝ පුටින්ගේ හිටපු බිරිඳ දේශපාලනයට සම්බන්ධ නැති අතර ඔවුහු අතිශය පෞද්ගලික ජීවිතයක් ගත කරන්නෝ වෙති.
හිටපු බිරිඳ ලූද්මිලාගෙන් වෙන් වීමෙන් පසු ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරිණි. හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික රන් පදක්කම් ලාභිනියක වන ඇලීනා කබේවා සමඟ සබඳතාවක් පවත්වන බවට රුසියානු පුවත්පතක් වාර්තා කර තිබිණි. එහෙත් රුසියානු ජනාධිපති පුටින් එම වාර්තා ප්‍රතික්ෂෙප කරයි.



- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කාරයෝ එහෙමයි. අපේ අය වගේ නොවෙයි.................