
රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් ඝාතනය කිරීම ගත් උත්සාහයක් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කිරීමට යුක්රේන බුද්ධි ප්‍රධානී හමුදා ජනරාල් කයිර්ලෝ බුඩන්නෝව් පියවර ගෙන තිබේ.
රුසියන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට මෙසේ කුමන්ත්‍රණය කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර යැයි ද පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියන් හමුදා මෙහෙයවූ අවස්ථාවේදීය.
ජනාධිපති ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව පැවැසෙන්නේ කොකේසස් පළාතේදීය.
‘රුසියන් ජනාධිපති පුටින් ඝාතනය කිරීමට උත්සාහ කළා. ඔහුට ප්‍රහාරයක් පවා එල්ල වුණා. ඒත් පුටින් බේරුණා. ඒ සිදුවීම අදටත් රහසක්. රුසියාව ඒ සම්බන්ධයෙන් නිහඬයි.’ යැයි යුක්රේන බුද්ධි ප්‍රධානියා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd