ස්ත්‍රී හා පුරුෂ ලිංගික පද්ධති දෙක ම පිහිටි ද්විලිංගික පුද්ගලයකු චීනයෙන් හමුවී ඇත. වයස අවුරුදු 44 ක විවාහකයකු වූ ඔහු තම බඩේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට සිය බිරිඳ සමග වෛද්‍යවරයා හමුවූ අවස්ථාවක දී මේ බව හෙළිවී තිබේ.

චීනයේ ෂිජින් පළාතේ ජීවත්වන මේ පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ විට පෙනීගොස් ඇත්තේ ඔහු පුරුෂ ලිංගේන්ද්‍රයක් හා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් පිහිටා ඇති බවයි. ඔහු සිය බිරිඳ සමග වසර 10ක් පමණ අඹු සැමියන් ලෙස ගතකැර තිබේ.

වෛද්‍යවරු පවසන්නේ ඔහුගේ ජනනේන්ද්‍රිය අනෙක් පුරුෂයන්ට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා බවයි.

චීනයේ යුන්ජ්කැන්ග් හි ෆස්ට් පීපල්ස් රෝහල   ප්‍රකාශකයකු කියා සිටියේ චෙන් නමැති මේ පුද්ගලයා ස්ත්‍රියක් යැයි කිව නොහැකි බවයි. පිරිමින්ගේ ඇඳුම් අඳිමින් කොණ්ඩය කොටට කපා සිටින මේ පුද්ගලයා ස්ත්‍රියක් ලෙස නොපෙනෙයි.

ඔහු වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ තමා නිතරම ක්ලාන්ත ගතියකින් පෙළුණු බවයි. එමෙන් ම සිය දෙපා හා මුහුණ නිතරම ඉදිමෙන ස්වරූපයක් වූ බව ද හෙතෙම කියා ඇත. මුත්‍රා සමඟ රුධිරය පිටවීම හේතුවෙන් යම් වරදක් ඇතැයි පෙනීගිය බව ද ඔහු පවසයි.

ඔහුගේ උදරයේ ගර්භාෂය සහ ඩිම්භ කෝෂ ද පිහිටා ඇති බව සීටී පරික්ෂණයකින් තහවුරු කැරගෙන ඇත.

වර්ණදේහ පරීක්ෂා කිරීමේ දී ඔහුට ඇත්තේ ස්ත්‍රී වර්ණදේහ බව ද තහවුරු වී ඇතැයි වෛද්‍යවරු කියති. වෛද්‍ය මතය වන්නේ මේ ආකාරයේ අන්තර් ලිංගික මිනිසුන් උත්පාදනයෙන් ස්ත්‍රීන් වුව ද කායිකව පිරිමින් මෙන් ක්‍රියා කරන බවයි. මොවුන් ද්විලිංගිකයෝය. ඔවුහු ඩිම්බ සහ ශුක්‍රාණු දෙක ම නිපදවති.

කෙසේ වෙතත් චෙන් අපතින්ම අධිවෘක්ක අතිප්ලාස්මීයතාව නැමැත ප්‍රවේණිගත රෝගයෙන් පෙළෙන බවත් මේ හේතුවෙන් පුරුෂ ලිංගික හෝමෝන මට්ටම ඉහළ යන බව ද දැනගන්නට ඇත.

woman 1