ඇමෙරිකා ජනාධිපතිවරයා මේ මස මුලදී පැවැති ජී20 සමුළුව අතරවාරයේ පැවැති නිල හමුවෙන් පසු තවත් අවස්ථාවකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවී ඇතැයි අනාවරණය වී තිබේ.
නායකයන් දෙදෙනා නිල වශයෙන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එහි ඡායාරූප පමණක් ප්‍රසිද්ධියට පත් කරන ලදි. එම සාකච්ඡාවේදී නායකයන් දෙදෙනා සාකච්ඡා කළේ මොනවාදැයි ධවල මන්දිරය අනාවරණය නොකළේය.
‘රහස් රාත්‍රී භෝජන’ සංග්‍රහයක් පැවැති බවට කෙරෙන යෝජනා අසත්‍ය පුවත් බව දෙවැනි හමුව සම්බන්ධයෙන් වාර්තා වූ පුවත් ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.
ඇමෙරිකා හා රුසියානු ජනාධිපතිවරයා අතරේ තිබෙන සබඳතාව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබෙන අතර ට්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුසියාව සහාය දැක්වූ බවට ද චෝදනා එල්ල වෙයි.
පසුගිය වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී රුසියාව ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට සහාය දුන් බවට ඇමෙරිකා බුද්ධි අංශ විශ්වාස කරයි. රුසියාව මෙන්ම ට්‍රම්ප් මහතා ද එම චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි.
ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති ජී 20 සමුළුව අතරවාරයේදී රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති පෞද්ගලික සහ නිල නොවන මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඇමෙරිකානු හා රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනා මෙලෙස දෙවැනි වරට හමුව ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා තනිවමත් රුසියානු ජනාධිපතිවරයා තම නිල භාෂා පරිවර්තකයා සමඟත් මෙලෙස හමු වී ඇතැයි වාර්තා වන අතර ඇමෙරිකානු මාධ්‍යවලට අනුව නායකයන්ගේ දෙදෙනාගේ සාකච්ඡාව පැයක කාලයකට සීමා වී තිබේ.
රුසියානු නායකයා හමු වී සාකච්ඡා කළේ මොනවාදැයි දන්නේ ට්‍රම්ප් මහතා පමණක් වන අතර ධවල මන්දිරය සතු වන්නේ ද ට්‍රම්ප් මහතා ධවල මන්දිර නිලධාරින්ට දුන් තොරතුරු පමණක් බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා දෙවැනි වරටත් රුසියානු ජනාධිපතිවරයා හමු වූ බව මාධ්‍ය වාර්තා කළ පසු ධවල මන්දිරය ඒ බව සනාථ කළේය. කෙසේ නමුත් එය දෙවැනි සාකච්ඡාවක් නොවන බවත් කෙටි හමුවක් බවත් ධවල මන්දිරය නිවේදනය කළේය.
රුසියානු පරිවර්තකයකු එම අවස්ථාවට සහභාගී වූ බවත් රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වූ ඇමෙරිකානු භාෂා පරිවර්තකයා රුසියානු බස කතා නොකිරීම ඊට හේතු වූ බවත් ධවල මන්දිර නිලධාරියෙක් පැවැසීය.
ඒ.එෆ්.පී/රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd