IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පූටින්-ට්‍රම්ප් රහස් හමුවක් ?

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ මස මුලදී පැවැති ජී20 සමුළුව අතරවාරයේ පැවැති නිල හමුවෙන් පසු තවත් අවස්ථාවකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවී ඇතැයි අනාවරණය වී තිබේ.

නායකයන් දෙදෙනා නිල වශයෙන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එහි ඡායාරූප පමණක් ප්‍රසිද්ධියට පත් කරන ලදි. එම සාකච්ඡාවේදී නායකයන් දෙදෙනා සාකච්ඡා කළේ මොනවාදැයි ධවල මන්දිරය අනාවරණය නොකළේය.

‘රහස් රාත්‍රී භෝජන’ සංග්‍රහයක් පැවැති බවට කෙරෙන යෝජනා අසත්‍ය පුවත් බව දෙවැනි හමුව සම්බන්ධයෙන් වාර්තා වූ පුවත් ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.

ඇමෙරිකා හා රුසියානු ජනාධිපතිවරයා අතරේ තිබෙන සබඳතාව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබෙන අතර ට්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුසියාව සහාය දැක්වූ බවට ද චෝදනා එල්ල වෙයි.

පසුගිය වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී රුසියාව ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට සහාය දුන් බවට ඇමෙරිකා බුද්ධි අංශ විශ්වාස කරයි. රුසියාව මෙන්ම ට්‍රම්ප් මහතා ද එම චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි.

ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති ජී 20 සමුළුව අතරවාරයේදී රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති පෞද්ගලික සහ නිල නොවන මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඇමෙරිකානු හා රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනා මෙලෙස දෙවැනි වරට හමුව ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා තනිවමත් රුසියානු ජනාධිපතිවරයා තම නිල භාෂා පරිවර්තකයා සමඟත් මෙලෙස හමු වී ඇතැයි වාර්තා වන අතර ඇමෙරිකානු මාධ්‍යවලට අනුව නායකයන්ගේ දෙදෙනාගේ සාකච්ඡාව පැයක කාලයකට සීමා වී තිබේ.

රුසියානු නායකයා හමු වී සාකච්ඡා කළේ මොනවාදැයි දන්නේ  ට්‍රම්ප් මහතා පමණක් වන අතර ධවල මන්දිරය සතු වන්නේ ද ට්‍රම්ප් මහතා ධවල මන්දිර නිලධාරින්ට දුන් තොරතුරු පමණක් බව ද වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා දෙවැනි වරටත් රුසියානු ජනාධිපතිවරයා හමු වූ බව මාධ්‍ය වාර්තා කළ පසු ධවල මන්දිරය ඒ බව සනාථ කළේය. කෙසේ නමුත් එය දෙවැනි සාකච්ඡාවක් නොවන බවත් කෙටි හමුවක් බවත් ධවල මන්දිරය නිවේදනය කළේය.

රුසියානු පරිවර්තකයකු එම අවස්ථාවට සහභාගී වූ බවත් රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වූ ඇමෙරිකානු භාෂා පරිවර්තකයා රුසියානු බස කතා නොකිරීම ඊට හේතු වූ බවත් ධවල මන්දිර නිලධාරියෙක් පැවැසීය.

ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (0)

පූටින්-ට්‍රම්ප් රහස් හමුවක් ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site