ඇමෙරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික බලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බව වාර්තා වෙයි.
රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් රුසියා න්‍යෂ්ටික බලය වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු මේ තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආයුධ තරඟකාරීත්වය වැඩි වීමට මෙය හේතුවනු ඇතැයි විචාරකයෝ පවසති.
රුසියාව සතු වූ ගෝලීය බලය නැවත ලබාගැනිමට පූටින් කටයුතු කරන අතර ට්‍රම්ප් නොබෝ දිනකින් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස පත්වීමට නියමිතයි.නමුත් ඔවුන් දෙදෙනාම ව්‍යාප්ත කරන අංශ පිළිබඳ සඳහන් කළේ නැත.
නව න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් ට්‍රම්ප් විසින් අනුගමනය කරනු ඇතැයි විචාරකයින් පැවසූවද ට්‍රම්ප් එය පැහැදිලිව පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපටත් එකක් දෙකක් දෙන්න. මේ ඉන්දියාව අපට මහා කරදරයක්. (නි)
බමුණු, පාකිස්තානය ඔය කතාව කිවුවොත් නොසළකා ඉන්න එකක් නැහැ. නමුත් ඔය නැති කරදර බෙල්ලේ එල්ලාගතහොත් ගැළවීමක් නැත (නි)
ලෝක විනාශය අත ළඟ. අවිගත්තෝ විතරක් නෙමෙයි නැසෙන්නේ, වටේ ඉන්න නිරායුධ අහිංසකයොත් ඉවරයි (නි)