
උස්බෙකිස්තානනයේ සමර්කාන්ද් අගනුවර, ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි.
මේ වනවිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ‘උදහසට’ ලක්වී සිටිති. රුසියන් ජනාධිපතිවරයා උදහසට ලක් වී සිටින්නේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය නිසාය. චීන ජනාධිපතිවරයා උදහසට පත් වී සිටින්නේ තායිවාන චීන අර්බුදය මුල්කොට ගනිමිනි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, ඇමෙරිකාවේ ද දිරි ගැන්වීම මැද, යුක්රේනය ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට උත්සාහ ගැනීමත් සමගය. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු රුසියාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් වී පිහිටුවාගත් යුදමය සන්ධානයකි.
සමර්කාන්ද් අගනුවර, ෂැංග්හායි සහයෝගීතා සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අවස්ථාවේදී, රුසියන් ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හැඳින්වූයේ තමන්ගේ ‘සමීපතම පැරැණි මිතුරා’ කියාය.
යුක්රේන රුසියානු යුද්ධය ආරම්භ වීමෙන් පසු පුටින් සහ ජිනිපින් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. රාජ්‍ය නායකයන් දෙදෙනා මීට පෙර එකිනෙකා හමුවූයේ යුක්රේන යුද්ධය ආරම්භ වීමට දින කීපයකට පෙරය. එම අවස්ථාවේදී කිසිදු කොන්දේසියකට යටත් නොවී රුසියන් චීන සබඳතා ශක්තිමත් කර ගැනීමට පුටින් සහ ජින්පින් එකගත්වය පළ කළ බව ද පැවැසෙයි.
මේ වනවිට යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියන් ජනාධිපති පුටින්ට විවිධාකාරයේ සම්බාධක පනවා තිබේ. තායිවානයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස චීනය කටයුතු කරන්නේ යැයි පවසමින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට ද සම්බාධක පැනැවීමට සැරැසෙයි.
සමර්කාන්ද් අගනුවර පැවැති ෂැංග්හායි සහයෝගීතා සමුළුවට රුසියන් සහ චීන ජනාධිපතිවරුන් සහභාගී වූයේ ඔවුන්ගේ නියෝජිතයන් ද පිරිවරා ගනිමිනි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුටින්-ජින්පින් හමුවෙති