රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155 කින් අඩු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ.
ඒ අනුව රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇත. රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංඛ්‍යාව 455ක් දක්වා අඩු කරන ලෙස රුසියාව මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට දැනුම් දී තිබූ අතර එම තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
තවදුරටත් රුසියාවේ රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155කින් අඩු කරන්න බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ ඒ අතරවාරයේදීය.
“රුසියාවේ රැඳී සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණන තීරණය කරන්නේ අපි. අපි එය වරින් වර තීරණය කරනවා” යැයි රුසියානු ජනාධිපතිවරයා පැවැසීය. ඒ රුසියානු ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ චීනයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටියි.
රුසියානු ජනාධිපතිවරයාගේ මෙම නව තීරණයත් සමඟ රුසියාවේ රැඳී සිටීමට අවසර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් 300කට පමණයි. මේ අතරම රුසියාවට එකට එක කිරීමක් ලෙසින් ඇමෙරිකා එක්සත් ජනපදය ද රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් පිටව යන්නැයි දැනුම් දෙන ලදි. කෙසේ නමුත් ඇමෙරිකාවේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර තිබෙන රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ඇතුළත්ය.
(ඒ.එෆ්.පී 055)

2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් 155 ක් ගෙදර යවයි