රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, දෙදින නිල සංචාරයක් සඳහා අසර්බයිජානයට පැමිණියේය. පුටින්, අසර්බයිජානයේ නිල සංචාරයකට පැමිණියේ වසර 6 කට පසුව යැයි ද පැවැසෙයි. අසර්බයිජානය යනු මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයකි.
අසර්බයිජානයේ බාකු අගනුවරට පැමිණි රුසියන් ජනාධිතිවරයා පිළිගනු ලැබුවේ, එරට ජනාධිපති ඉල්හාම් අලියේව් විසිනි. අසර්බයිජාන් ජනාධිපතිවරයාගේ මන්දිරයේ දී පුටින් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
අසර්බයිජානය සහ අසල්වැසි ආමේනියාව අතරේ දේශසීමා අර්බුදයක් පවතී. ඒ දෙපාර්ශ්වයම අයිතිය ඉල්ලන නගොර්නෝ කරබාක් පළාත මුල්කොට ගනිමිනි. මෙම අර්බුදය සම්බන්ධයෙන් ද පුටින් සහ ඉල්හාම් අලියේව් අතරේ සාකච්ඡා පැවැත්විණි. කලාපීය අර්බුද සම්බන්ධයෙන් පමණක් නොව, ගෝලීය අර්බුද සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුටින් අසර්බයිජානයේ