වයස 13ත් 17ත් අතර ළමයින් ගේ මොළය හුරුවී ඇත්තේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට බව පරීක්ෂණයකින් හෙළි වී ඇතැයි බීබීසීය වාර්තා කරයි.හාවර්ඩි.කොලොම්බියන් සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයන්හී එකමුතුවෙන් මෙම පර්යේෂණය සිදු කර ඇත. නිවැරදි පිළිතුර සොයාගත් අකාරයද හොදින් ළමයින්ගේ මතකයේ සිටින බව පරීක්ෂණයෙන් හෙළි විය.

මොළය ස්කෑන් යන්ත්‍රයක් ඇසුරෙන් පරීක්ෂා කරන අතරතුර පින්තූර ආශ්‍රයෙන් කරන ක්‍රීඩාවක් අනුව එම නිගමනයට එලැඹිණි.ඒ සදහා වයස 13ත් 17ත් අතර ළමයින් 41ක්ද වයස 20ත් 30ත් අතර තරුණයන් 31ක් ද ඇසුරෙන් පරීක්ෂණය සිදු කළ බව කියයි.

වර්ධනය වන මොළයේ හිපොකැම්පස් සහ සට්‍රියාටම් යන අංග දෙකේ මනා සම්බන්ධීකරණය මීට හේතුව බව සදහන් වෙයි.හිපොකැම්පස් මොළයේ මතක මූලස්ථානය ලෙස හදුන්වන අතර මිනිසාගේ මතක සටහන් ගබඩා කිරීම සහ හුවමාරු කිරීම එමගින් සිදුවෙයි. සැලසුම් කිරීම සහ තීරණ ගැනීම සිදුවන්නේ සට්‍රියාටම් හරහාය.

මෙම පරීක්ෂණය හරහා අධ්‍යාපන ක්‍රමය සහ ඉගැන්වීම් ක්‍රමවේදය නව මගකට යොමු කළ හැකි බව පරීක්ෂකයෝ පවසති.

ss