සතියකට දෙවරක් පුංචි මාළු ආහාරයට එක්කර ගැනීමෙන් කන ඇසීමේ ආබාධ පස්ගුණයකින් අඩුකර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී ඇත. තෙල් සහිත සැමන්, කුම්බලාවා වැනි මසුන්ගේ ඔමෙගා - 3 යන මේද අම්ලය හෘද රෝග, ඩිමෙන්ෂියාව හෙවත් චිත්ත වික්ෂේපය, පිළිකා, අවපීඩනය සහ සන්ධි ප්‍රදාහය වළක්වන බවත් බොස්ටන් හි බ්‍රිග්හැම් කාන්තා රෝහලේ වෛද්‍ය ෂැරොන් කර්හන් කියයි.
ඇය වැඩි දුරටත් පවසන්නේ කන් නෑසීමේ දුර්වලතාවය නිතරම වයසට යෑමේ බලපෑමක් හේතුවෙන් වන්නක් වනබව අනිවාර්ය ලක්ෂණයක් වුවත් මත්‍යසයන් ආහාරයට එක්කර ගැනීම මගින් මෙම තත්වය වළක්වා ගැනීමට හෝ ප්‍රමාද කිරීමට හැකියාවක් ඇති බවයි.
බ්‍රිතාන්‍ය ආහාර පිලිබඳ සංවිධානයේ ප්‍රකාශක ඇලිසන් හෝර්බයි පවසන්නේ සතියකට අවම වශයෙන් දෙවරක් මාළු ආහාරයට එක්කර ගැනීමෙන් රුධිර පිඩනය හිතකර මට්ටමක පවත්වාගෙන යාමට සහ රුධිර මේදය වැඩිදියුණු කැරගත හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ගැන අන්තර්ජාලයෙන් කරුණු බොහොමයක් කියෙව්වා. කුම්බලාවට වැඩිය හුරුල්ලා සහ සාලයා කියන මසුන් වර්ග හොඳයි කියනවා. අනිත් කාරණය හැම මාළු වර්ගයේම ඔමේගා 3 අඩංගු නැහැ කියලයි මම නම් අහලා තියෙන්නේ. (නි)
සිරිල් පැය 24 , දවස් 365 ම මාළු කෑවොත් ලෙඩ වෙනවා තමා (නදී)
මා දන්නා පමනින් සැමන් මසුන් දැනට ලෝකයේ නැත දන්නා කෙනෙක් ඇත්නම් අදහස් දක්වන්න (නදී)
අර "අවාසියට කන් ඇහෙන්නේ නැති " රෝගයටත් මේ මාළු හොඳද දන්නේ නැහැ? (නදී)
වටේටම මුහුද තියන මාලදිවයින් ජාතිකයන් තුන් වේලට පමණක් නොවෙයි තේ මේසෙදි පවා ගන්නෙ මාළු වලින් හදපු ආහාර ඒත් දිනපතා ගුවන් යානා දෙකක් පුරවල බෙහෙත් ගන්න ඉංදියාවටයි ලංකාවටයි යනවා. (ස)
බන්දුලටත් කියන්න ඕනෑ මාළු වැඩිපුර කන්න කියලා. (නි)
පොඩි මාලු කෑවම කනට හොඳ වුණාට පවට පිනට කොහොමද දන්නේ නැහැ (නි)
අපේ අතින් සල්ලි දාලා හරි බන්දුල පෙරේරාට මාළු කන්න සළස්වන්න ඕනෑ. එයාගේ මොළේ එන්න එන්නම අනිත් පැත්තට වැඩ කරන්නේ. (නි)
මෙම පර්යේක්ෂණයට යොදා ගත යුත්තේ හෙදියන් නොව ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල්ය. එම අයවලුන් සෑම මත්ස්‍ය වර්ගයක්ම දිනපතා අනුභව කරයි.මේ අනුව ඔවුන් වටා පර්යේක්ෂණ කිරීමෙන් වැළඳෙන සියලුම රෝග කාරකයන් හඳුනාගත හැකිය යන්න මගේ අදහසයි (නදී)