එක්සත් ජනපදය විසින් පකිස්ථානයට ලබාදෙන ඩොලර් බිලියන 1.66 ක ආරක්ෂක සහන අත්හිටුවා ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක රොබ් මැනිං පැවසුවේය.
මිලිටරි ආධාර අවහිර කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔබාමා පරිපාලනාධිකාරිය යටතේ ඇෆ්ගන්ථානය, පකිස්ථානය සහ මධ්‍ය ආසියාව ඇතුළු රටවල නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කර ඩේවිට් සෙඩ්නි ප්‍රකාශ කළේය.
මෙම තීරණය ඇමරිකාවේ කලකිරීම නිරූපණයවන ශක්තිමත් සංඥාවක් බව සෙඩ්නි ප්‍රකාශ කර ඇත.
( 63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd