IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘පාකිස්ථානයට එල්ල වූ ප්‍රහාරය ආර්ථිකය බිඳදැමීමේ උත්සාහයක්’

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
 
නිරිත දිග පාකිස්තානයේ ග්වදාර්හි පිහිටි සුඛෝපභෝගී හෝටලයට එල්ල වූ ප්‍රහාරය පාකිස්තානයේ ආර්ථික ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට සහ “සෞභාග්‍යයට” පහරක් එල්ල කිරීමට ගත් උත්සහායක් යැයි එරට අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (12) පැවැසීය. 

ග්වදාරර් නගරයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකට ඊයේ (11) තුවක්කුකරුවන් පිරිසක් කඩා වැදුණු අතර ඔවුන් කළ වෙඩි තැබීම්වලින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරයකන් සියලු දෙනා මරුමුවට පත්වූයේ ඉන් පැය කිහිපයකට පසුව පොලිසිය සඳහන් කළේය.  පොලිසිය සහ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව ද වාර්තා විය. 

චීනයේ අරමුදල්වලින් පාකිස්තානය තුළ ක්‍රියාත්මක ඩොලර් බිලියන ගණනක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ස්ථානය වන්නේ ග්වදාර් නගරයයි. 

බලුකිස්තාන් විමුක්ති හමුදාවේ (බී.එල්.ඒ) බලූච් බෙදුම්වාදී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. 

“මෙවැනි උත්සහායන්, විශේෂයෙන්ම බලුකිස්තාන් ප්‍රදේශයේදී එල්ල කෙරෙන ප්‍රහාරවල අරමුණ පාකිස්තානයේ ආර්ථික ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සහ සෞභාග්‍යයට හානි කිරීමයි. මෙවැනි න්‍යායපත්‍රවල සාර්ථක වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ” යැයි පාකිස්තාන අගමැතිවරයා කීවේය.

පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. 

තුවක්කුකරුවන් හතරදෙනකු හෝටලයට කඩා වැදුණු බවත් ආරක්ෂක අංශ ප්‍රහාරවලින් ඔවුන් සිවුදෙනාම මරුමුවට පත්වූ බවත් පොලිසිය සඳහන් කළේය. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් ආරක්ෂක භටයකු ජීවිතක්ෂයට පත්විය. 

“ත්‍රස්තවාදීන් සිවුදෙනාම මරුමුවට පත්වුණා. හෝටලයේ සම්පූර්ණ පාලනය සියතට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා” යැයි ග්වදාර්හි පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

 055



අදහස් (1)

‘පාකිස්ථානයට එල්ල වූ ප්‍රහාරය ආර්ථිකය බිඳදැමීමේ උත්සාහයක්’

බණ්ඩා Tuesday, 14 May 2019 07:26 AM

ඉස්ලාම් පිළිලය ලෝකෙටම හෙනයක්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site