පකිස්ථානයේ ලාහෝර් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මේ වනවිට මියගිය සංඛ්‍යාව 10 ක් ලෙස වාර්තා වන අතර බොහෝ පිරිස් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
පිපිරීම සිදුව ඇති ප්‍රදේශයට ආරක්ෂක භටයන් විශාල පිරිසක් කැඳවා ඇති අතර සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති.
මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධවූ රාමදාන් මාසය දින කිහිපයකට පෙර ඇරඹිණි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
ඩටා ඩර්බාර් නමින් හැඳින්වෙන සුෆී මුස්ලිස් දේවස්ථානය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති අතර එය දකුණු ආසියාවේ පැරණිතම දේවස්ථානයක් ලෙස සැලකේ.
පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝරයේ පිහිටා ඇති මෙම දේවස්ථානයට සුන්නි සහ ශියා ඉස්ලාම් බැතිමතුන් දස දහස් ගණනක් වාර්ෂිකව පැමිණෙති.
2010 වර්ෂයේදී මෙම දේවස්ථානය තුළ බෝම්බ දෙකක් පිපිරුණු අතර බොහෝ පිරිස් මියගියහ.
(බීබීසී ඇසුරිනි - 085)

2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක් අසළ පිපිරීමක්