පකිස්ථානයේ වයඹදිග ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි කුරාම් ප්‍රදේශයේ පරාචිනාර් නගරයේ ජනාකීර්ණ වෙළඳපොළක බෝම්බ පිපිරීමකින් 15දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රදේශයේ ශියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරයි.  රෙදි වෙළඳපොළක පිපිරීම සිදුවී ඇතිබව වාර්ථා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැතත් නිකායවාදී ක්‍රියාකාරිකයන් පිරිසක් මෙයට සම්බන්ධ බවට පකිස්ථාන ආරක්ෂක අංශ සැක කරයි. කුරාම් ප්‍රදේශයේ ශියා හා සුන්නි මුස්ලිම්වරුන් අතර බොහෝ කලක සිට  නිකායවාදී ගැටුම් පවතී.