කාශ්මීරය සම්බන්ධයෙන් පැන නැග ඇති අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයේ සහය පතන බව පාකිස්තානය පවසයි.
 
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ  ප්‍රකාශයෙන් පසු පාකිස්තානය මෙම තීරණය ගෙන තිබිණි. ඉන්දියාව හා සමග පැවති වෙළඳාම්, ප්‍රවාහන කටයුතු ආදී ගනුදෙනු කපාදමමින්ද, පාකිස්තානයේ ඉන්දීය තානාපතිවරයා නෙරපා හැරීමෙන්ද  පාකිස්තානය ඊට ප්‍රතිචාර දක්වා තිබිණි.
 
ඉන්දියාවත් පාකිස්තානයත් යන රටවල් දෙකම සිය රටට අයත් කොටසක් බව පිළිගන්නා සහ දශක ගණනාවක් තිස්සේ ගැටුම් ඇතිවී තිබේ.
 
‘කාශ්මීර අර්බුදය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයන්න අපි තීරණය කළා. මේ තීරණය ගත්තේ සියලු නීති පාර්ශව සලකා බැලීමෙන් පසුවයි’යැයි පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමුද් කුරේෂි මහතා පැවසීය.
 
ඉන්දියාව, කාශ්මීරයේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේදී කරුණු දක්වන බවද ඒ මහතා සඳහන් කළේය.
 
(බීබීසී ඇසුරිනි)

16844