පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේ හා කාෂ්මීර පාලන ප්‍රදේශයේ ඇති වූ ගංවතුරින් 110ක් මියගොස් 150 ට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවාස 650ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.

මෝසම් වැසි හේතුවෙන් මේ ගං වතුර ඇති වී තිබේ. පන්ජාබය පකිස්ථානයේ ජනගහණය වැඩිම පළාතයි. මෙහි ලාහෝර් හා රාවල්පිණ්ඩි නගරවල දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බව සහන සේවකයෝ කියති. රටේ නැගෙනහිර ප්‍රදේශවලට සිකුරාදා මිලි මීටර 313 ක වර්ෂාවක් ලැබී ඇත. සහන කණ්ඩායම් පවසන්නේ මරණ වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ නිවාස හා විදුලි රැහැන් කඩා වැටීමෙන් බවයි. කාෂ්මීරයේ ඉන්දියාව පාලනය යටතේ ඇති ප්‍රදේශවලට ද ගං වතුරින් දැඩි හානි සිදුව ඇත. මනාල යුවලක් ඇතුළු 50 දෙනකු සමග බස් රථයක් ගංවතුරට හසුව ගසාගෙන ගියේ පසුගිය බ්‍රහස්පතින්දාය.

image