පකිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා රෝගය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ බව අමාත්‍යවරයා අද (06) ප්‍රකාශ කර ඇති අතර වෛද්‍ය උපදෙස් අනුව නිවසේ හුදකලාව සිටින බව සඳහන් කර ඇත.
තමාට ඇත්තේ සාමාන්‍ය රෝග ලක්ෂණ බවද ඔහු පවසා ඇත.
ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු විශේෂ නියෝජිත සල්මේ කලීල්සාඩ් හමුවී දින කිහිපයකට පසු පකිස්ථානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගනු ලැබිණ. ඒ අතර විදේශ අමාත්‍ය සා මෙහමූඩ් සහ ප්‍රවාහන අමාත්‍ය ෂෙයික් රෂීඩ් ද වෙයි.
පහළ පාර්ලිමේන්තුවේ කතානායක අසාද් කයිසර් මහතා ද කොරෝනා ආසාදනය වී ඇත.
පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 229,831ක් වාර්තා වී ඇති අතර මරණ 4,762ක් සිදුවී තිබේ.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ දිනකට රෝගීන් 4,000ක් පමණ මේ වනවිටත් වාර්තා වන බවයි.
ලාහෝරයේ නැගෙනහිර වයිරසයෙන් වඩාත්ම පීඩාවට පත් කලාපයක් වන අතර එහි වෛද්‍යවරු 48 දෙනකු ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් පවසා ඇත්තේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ චිත්ත ධෛර්යය අඩුවී ඇති බවයි.
කෙසේවුවද පන්ජාබ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සයිඩ් හමඩ් රාසා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ වෛද්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම කොරෝනා රෝගය හා සම්බන්ධතාවයක් නොමැති බවයි.
වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂක උපකරණ ඇති බවත් වසංගතය අතර තුර අමතර දීමනා ද ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd