පකිස්ථානයේ ක්වෙත්තාහි පොලිස් ඇකඩමියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 44 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පැළඳ ආ ත්‍රස්තවාදීන් තිදෙනෙක් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි බලධාරීහු සැක කරති.
ඉන් එක් අයෙකු හමුදා වෙඩි පහරින් මිය ගිය බවත් පොලිස් ඇකඩමියේ පුහුණුව ලබමින් සිටි පොලිස් ශිෂ්‍යභටයින් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු 44 දෙනෙකු ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් ඇකඩමි බලධාරීහු කියති.
ප්‍රහාරකයින් එම ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් පැය කිහිපයක් පැවැත්විණි.එහිදී වෙඩි හුවමාරුවක් ද සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ප්‍රහාරය ‘ලෂ්කර්-ඊ-ජිහාන්වී’ නම් ත්‍රස්ත කල්ලිය විසින් සිදුකරන්නට ඇතැයි සැක කරන බව දේශසීමා භාර මේජර් ජනරාල් ශේර් ඇෆ්ගන් පවසයි.ඔවුන් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවද ඔහු පැවසිය.නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.
මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ක්වෙත්තා හි රේගු නිලධාරීන් දෙදෙනෙකු ද ඝාතනය කර තිබිණි.
අගෝස්තු මාසයේදී රෝහලකට සහ නීතීඥ සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් 88 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.
(ඡායාරූප:ඒ.එෆ්.පි / ඊ.පි.ඒ/ගෙටි ඉමේජස් )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන්වෙන දිනය ළංවෙලා වගේ. මේක ලෝකෙටම මහා කරදරයක් සහ වසංගතයක්
අනේ මන්දා මේ ලෝකයට කවදා සාමය උදාවෙයිද කියලා (නි)