ඉන්දියාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු ඔත්තු බැලීමේ චෝදනා මත රටින් පිට කිරිමට ඉන්දීය රජය තීරණය කළ බව එරට මාධ්‍ය පවසයි.ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් රාජ්‍යතාන්ත්‍රික පදනම යටතේ නිදහස් කළ බවත් වාර්තා වෙයි.
මෙහෙමුද් අක්තාර් නම් ඔහු වසර තුනක සිට පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර ඇත.
දේශසීමා සිතියම් ඇතුළු ලිපිගොනු කිහිපයක් ඔහු සතුව තිබුණු බවත් ඒ ලිපිගොනු ඔහුට ලබාදුන් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් බලධාරීහු පවසති. ලිපිගොනු අතර ඉන්දීය ආරක්ෂක අංශ වලට අදාළ සංවේදී වාර්තා කිහිපයක්ද තිබිණි.ඔවුන් දෙදෙනා ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ පදිංචි අය බවත් රාජ්‍ය රහස් පනත අනුව ඔවුන් දෙදෙනාට චෝදනා ගොනු කරන බවත් කියති.
ලිපිගොනු හුවමාරු කර ගෙන ඇත්තේ සත්ව උද්‍යානයක දී ය.මීට පෙරත් ඉන්දියාවේ සේවය කරන පකිස්ථාන ජාතිකයින්ට ඔත්තු බැලීමේ චෝදනා එල්ල වී තිබේ.කාශ්මීර් ගැටුම් හේතුවෙන් පකිස්ථානය හා ඉන්දියාව අතර උණුසම් තත්ත්වයක් පවතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd