IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පකිස්ථාන ජාතිකයාට ඉන්දියාවෙන් පිට‍වෙන්න නියෝග

ඉන්දියාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු ඔත්තු බැලීමේ චෝදනා මත රටින් පිට කිරිමට ඉන්දීය රජය තීරණය කළ බව එරට මාධ්‍ය පවසයි.ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් රාජ්‍යතාන්ත්‍රික පදනම යටතේ නිදහස් කළ බවත් වාර්තා වෙයි.

මෙහෙමුද් අක්තාර් නම් ඔහු වසර තුනක සිට පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර ඇත.

දේශසීමා සිතියම් ඇතුළු ලිපිගොනු කිහිපයක් ඔහු සතුව තිබුණු බවත් ඒ ලිපිගොනු ඔහුට ලබාදුන් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් බලධාරීහු පවසති. ලිපිගොනු අතර ඉන්දීය ආරක්ෂක අංශ වලට අදාළ සංවේදී වාර්තා කිහිපයක්ද තිබිණි.ඔවුන් දෙදෙනා ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ පදිංචි අය බවත් රාජ්‍ය රහස් පනත අනුව ඔවුන් දෙදෙනාට චෝදනා ගොනු කරන බවත් කියති.

ලිපිගොනු හුවමාරු කර ගෙන ඇත්තේ සත්ව උද්‍යානයක දී ය.මීට පෙරත් ඉන්දියාවේ සේවය කරන පකිස්ථාන ජාතිකයින්ට ඔත්තු බැලීමේ චෝදනා එල්ල වී තිබේ.කාශ්මීර් ගැටුම් හේතුවෙන් පකිස්ථානය හා ඉන්දියාව අතර උණුසම් තත්ත්වයක් පවතියි.

 

 



අදහස් (0)

පකිස්ථාන ජාතිකයාට ඉන්දියාවෙන් පිට‍වෙන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 646 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site