පකිස්ථානයේ සිටින තුර්කි ගුරුවරුන් 100කට පමණ රටින් පිටවන ලෙස පකිස්ථාන රජය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ජාත්‍යන්තර පාසල් කිහිපයක උගන්වන ගුරුවරුන්ට මෙලෙස සතියක් ඇතුළත පිටවන ලෙස දැනුමී දී ඇත.
‘පාක් ටර්ක්‘ ජාත්‍යන්තර පාසල් ජාලය ඇමෙරිකාව සමග සම්බන්ධකම් පවත්වන තුර්කි ජාතික ෆෙතුල්ලා ගුලෙන්ට සම්බන්ධ බව පකිස්තාන රජය චෝදනා කරයි.එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පාසල් ජාලයේ නියෝජිතයෝ කියති.
තුර්කියේ සිදු වු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට ෆෙතුල්ලා ගුලෙන් සම්බන්ධ යැයි තුර්කි රජය චෝදනා කරයි.ඔහුට සම්බන්ධ බව කියමින් තුර්කියේ මාධ්‍ය ආයතන කිහිපයක් ද වසා දැමුණු අතර හමුදා නිලධාරීන් සියයක් පමණද අත්අඩංගුවට ගෙන ඇත.
තුර්කි ජනපති රෙසීප් තායිබ් එර්දොවාන් පකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානයෙන් තුර්කි ගුරුවරු 100ක් පිටුවහල්