පකිස්ථානයේ සිටින තුර්කි ගුරුවරුන් 100කට පමණ රටින්  පිටවන ලෙස පකිස්ථාන රජය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ජාත්‍යන්තර පාසල් කිහිපයක උගන්වන ගුරුවරුන්ට මෙලෙස සතියක් ඇතුළත පිටවන ලෙස දැනුමී දී ඇත.

‘පාක් ටර්ක්‘ ජාත්‍යන්තර පාසල් ජාලය ඇමෙරිකාව සමග සම්බන්ධකම් පවත්වන තුර්කි ජාතික ෆෙතුල්ලා ගුලෙන්ට සම්බන්ධ බව පකිස්තාන රජය චෝදනා කරයි.එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පාසල් ජාලයේ නියෝජිතයෝ කියති.

තුර්කියේ සිදු වු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට ෆෙතුල්ලා ගුලෙන් සම්බන්ධ යැයි තුර්කි රජය චෝදනා කරයි.ඔහුට සම්බන්ධ බව කියමින් තුර්කියේ මාධ්‍ය ආයතන කිහිපයක් ද වසා දැමුණු අතර හමුදා නිලධාරීන් සියයක් පමණද අත්අඩංගුවට ගෙන ඇත.

තුර්කි ජනපති රෙසීප් තායිබ් එර්දොවාන් පකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.