
පාකිස්තානයේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඉස්ලාමාබාද් අගනුවරදී එම ධුරයේ දිවුරුම් දුන්නාය.
ඇය 55 හැවිරිදි අයේෂා මලික් ය.
ඒ අනුව, මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 16 දෙනා අතර සිටින එකම කාන්තාව වනු ඇත්තේ ද මැයයි.
අයේෂා මලික්, පළමු කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය බවට පත්වීම,
පාකිස්තානයේ පවතින්නේ පුරුෂ මූලික සමාජයකි.
එම පුරුෂ මූලික සමාජයේ කාන්තාවක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දිවුරුම් දීම සුවිශේෂී සමාජ පෙරැළියක් බවත්, එය පාකිස්තාන කාන්තාවන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙන්ම පාකිස්තාන නීතීඥවරු ද පෙන්වා දෙති.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd