IMG-LOGO

පාකිස්තානයට බිලියන 2.3 ක ණය මුදලක්

පකිස්තානයේ සිඳී යන විදේශ සංචිත හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීන බැංකු සමූහයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් ලබා දී ඇති බවත් ඉදිරි දින කිහිපය තුලදී එම මුදල් පකිස්තානයට ලැබීම ආරම්භ වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පකිස්තාන රජය ණය ගිවිසුමට අත්සන් තබා ඇති අතර චීන බැංකු සමූහය ණය ගිවිසුමට අත්සන් තැබූ බව පැවැසෙයි.
ගිවිසුම් ප්‍රකාරව ඉදිරි දින කිහිපයේදී පකිස්තානයට මුදල් ගලා ඒම ආරම්භ වනු ඇති බව මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී  ජින්පින්,විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යි සහ චීන ජනතාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් පකිස්තානයට ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි සමාජ මධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

පකිස්තානය විදෙස් සංචිත හිඟ වීම හේතුවෙන් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රගතිය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදල ලබා ගැනීම සඳහා  ගිවිසුම අත්සන් කළ බව නිවේදනය කළත් ගිවිසුමේ කොන්දේසි පිළිබඳ අනාවරණය කර නොමැති බව විශ්ලේෂකයෝ පවසති.

මෙම ණය මුදල සඳහා ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ, ශ්‍රී ලංකාව ගමන් කළ  අඩි පාරේ  පාකිස්තානයද අන්ධ ලෙස ගමන් කරමින් චීන ණය උගුලක පැටලීමට යන බවට පළවන වාර්තා මධ්‍යයේ වීම විශේෂත්වයකි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයට බිලියන 2.3 ක ණය මුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site