IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාකිස්තානයට ත්‍රස්ත තර්ජන

ඉස්ලාමාබාද් අධිකරණය ඉදිරියේ පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගනිමින්, පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානය පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව පවසමිනි.

ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය ඉදිරිපිට බෝම්බ පිපිරීම සිදුවූයේ දිනයේය. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 12 කි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 29 කි. අධිකරණයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් කීප දෙනකු ද මියගිය අය අතරේ සිටින බව පැවැසෙයි.

පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානය හැඳින්වෙන්නේ ‘තරීක් ඊ තලේබාන් පාකිස්තාන්’ යන නමිනි. මෙම ත්‍රස්ත සංවිධානය පිහිටුවීම සිදුවූයේ 2007 දෙසැම්බරයේය. ඒ, බයිතුල්ලා මෙහ්සූඩ්ගේ නායකත්වයෙනි. වර්තමානයේ මෙම ත්‍රස්ත සංවිධානයේ නායකයා වන්නේ නූර් වලි මෙසූඩ්ය.

ඇෆ්ගන් තල්බාන් රජයේ සහාය මෙම ‘තරීක් ඊ තලේබාන් පාකිස්තාන්’ ත්‍රස්තවාදීන්ට නොඅඩුව හිමිවෙයි. මොවුන් ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේත්, පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේත් ක්‍රියාත්මකය. 

පාකිස්තාන රජය පෙරළා ෂරීයා නීතිය සහිත ඉස්ලාමීය රාජ්‍යයක් පාකිස්තානයේ පිහිටුවීම මෙම ත්‍රස්ත සංවිධානයේ අරමුණ වී ඇත. පාකිස්තාන ආරක්ෂක අංශ, රාජ්‍ය නිලධාරීන් සහ පාකිස්තාන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් මොවුහු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.



අදහස් (0)

පාකිස්තානයට ත්‍රස්ත තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site