
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, චීන සංචාරයක නියැලීමට සූදානමින් සිටින බවත්, එම සංචාරය අතරතුරේ පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් ලබා දීමට චීනය සූදානමින් පසුවන බවත් වාර්තා වේ.
ශීත ඔලිම්පික් උළෙලේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ අනිද්දා (3) වන අතර, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බෙයිජීං බලා යනු ඇත්තේ ශීත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීමටය.
ශීත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වන අතරතුරේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු චීන රජයේ ඉහළ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදුවනු ඇත.
පාකිස්තාන රජය සමඟ එක් වී විවිධාකාරයේ ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන සඳහා සම්බන්ධවීමට ද චීන රජය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd