IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ් අල්ලන්න වරෙන්තු

එළඹෙන මැයි 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීමට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් සුදුස්සකු නොවන බවට තීන්දු කිරීමෙන් පසුව ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (18) ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.
බලයේ සිටි සමයේදී ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමත් ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා නිසා මුෂාරෆ්ට මහමැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වූ බව මහාධිකරණ විනිසුරුවරු ප‍්‍රකාශ කළහ.
අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කිරීමත් සමඟ මුෂාරෆ් සිය ආරක්ෂක නිලධාරීන් සමඟ ඉක්මනින් ඉස්ලාමාබාද් නුවරට ඔබ්බෙන් පිහිටි සිය නිවෙස වෙත ගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නැවතත් දේශපාලනයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටි මුෂාරෆ්ගේ සිහින බොඳ කරමින් ඉකුත් 16 වැනිදා පෙෂාවොර් අධිකරණය තීරණය කළේ ඔහු එළඹෙන මහමැතිවරණයට තරග කිරීමට සුදුස්සකු නොවන බවයි.
මුෂාරෆ් පාකිස්තානයට පැමිණි දින සිට ඔහු අත්අඩංගුවට පත්වීම වළකාලමින් ඔහුගේ නීතිඥයන් ලබාගත් අධිකරණ ඇප තවදුරටත් දීර්ග කිරීමේ හැකියාවක් නොමැති බව ද මහාධිකරණ විනිසුරුවරු මෙහිදී අවධාරණය කළහ.
වසර ගණනාවක් රටින් බැහැරව විදේශයන්හි ජීවත් වූ පාකිස්තානයේ හිටපු ජනාධිපතිරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වූ මුෂාරෆ් පසුගිය මාර්තු 24 වැනිදා පාකිස්තානයට පැමිණියේය.
එම අවස්ථාවේදී මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශ සූදානම්ව සිටියද ඔහු තම නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළ නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.



අදහස් (0)

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ් අල්ලන්න වරෙන්තු

මේවාවිතාරණ Saturday, 20 April 2013 05:59 PM

මුෂාරෆ් කියන නායකයා ඉතා දක්ෂ රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ඒ වගේම ලංකාවට ඉතාමත් ආදරේ කල ජන නායකයෙකි.(නදී)

:       0       0

මදූ Saturday, 20 April 2013 01:57 PM

කවදා හරි ලංකාවේ අයට වෙන්නත් ඔය ටික තමා. හැමෝටම නොවෙයි.(නදී)

:       0       0

ගාමිණි Friday, 19 April 2013 10:37 PM

ඔය විප්ලව කල හෙමෝ-ම අන්තිමේ සුඛෝකභෝගී ලෙස සැගවිලා තියෙන්නේ- ෆ-ර්ම් වලමයි පීරු රටේජනාධි පති වෙටුපක් නොලබා-.රාජ්‍ය සම්පත් නොලබා තම නෝනට හිමි ගොවිපලේ සිටින ලෝෙකයේ ආධර්ෂවත් ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය ලොවටම උතුම් ආධර්ශයක්!(නු)

:       0       0

ජීවන් Saturday, 20 April 2013 12:19 AM

කලින් ඉදලම පාර කපාගෙන ඉන්න එපැයි. එහෙම වුණා නම අද යසට ඉන්නවනේ. (නි)

:       0       0

සුපුන් Saturday, 20 April 2013 12:21 AM

මෙතන අදහස් දන අය අපේ රටේ නීතියක් නැතිකම ගැන අදහස් දානවා. ඇත්තටම නම් ව්‍යවස්ථාවෙන් ලොව බලවත්ම ජනාදිපති ධුරය තියෙන්නේ ලංකාවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site