පාකිස්තාන මුස්ලිම් දැරියන් වෙනුවෙන් හඬ නැගූ මාලාලා යූසුෆ්සායිෙ දැරියට (17) වෙඩි තැබුවේ යැයි කියන පුද්ගලයන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගත් බව පකිස්ථාන පොලිසිය කියයි.

2012 ඔක්තෝබර් මාසයේ දී මේ දැරිය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වූයේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව හඬනැගීමේ ව්‍යාපාරයකට සම්බන්ධවී සිටීම හේතුවෙනි.

මලාලා ඇතුළු විසි දෙදෙනකු මරා දමන ලෙස තලෙයිබාන් නායකයා ආඥා කළ බව පොලිසිය පවසයි. මලාලා ඒ ප්‍රහාරයේදී තුවාල ලබා ලන්ඩන්රෝහලකදී සුවය ලැබුවාය.