පාකිස්තානයේ කරච්චි නුවර අද (13) සිදු වූ වෙඩි තැබීමකින් 43 දෙනකු ජීවිතක්ෂයට පත්වී 13 දෙනෙක් තුවාල ලැබූහ.
බස් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් හය දෙනකු වෙඩි තබා ඇතැයි වාර්තා වේ. ප‍්‍රහාරයෙන් මියගිය වැඩිදෙනා ෂියා මුස්ලිම් ජාතිකයන් බවත් ෂියා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් මේ වසරේදී එල්ල වූ දෙවැනි මාරාන්තික ප‍්‍රහාරය මෙය බවත් පාකිස්තාන පොලිසිය කියයි.
රෝහල් වාර්තාවලට අනුව මියගිය ගණන 43ක් බවත් තුවාල ලැබූ ගණන 13ක් බවත් වාර්තා වේ.
ත‍්‍රස්තවාදීන් පැමිණ වෙඩි තැබීමෙන් පසු දර්ශන එරට රූපවාහිනි නාළිකා විකාශය කර ඇති අතර බස් රථයේ තැන් තැන්වල ලේ විසිරී ඇති අයුරුත් බොහෝ දෙනා අසල පිහිටි රෝහලට දිව යන අයුරුත් එම රූපරාමුවල සටහන් වී ඇත.
ඉකුත් ජනවාරි 30 වැනිදාට පසු ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් පාකිස්තානයේ සිදු වූ මාරාන්තික ප‍්‍රහාරය මෙය වූ අතර ජනවාරි මාසයේ එල්ල වූ ප‍්‍රහාරයෙන් 61 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහිදි මරාගෙන මැරෙන බෝම්බකරුවකු පැමිණ ෂියා මුස්ලිම් පල්ලියක් තුළදී බෝම්බයක් පුපුරා ගත්තේය.
මෙතෙක් එල්ලවූ ප‍්‍රහාරවලින් ෂියා මුස්ලිම්වරු 1000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත.
ලක්ෂාර් ඊ ජාන්ග්වී නැමැති සුන්නි මුස්ලිම් සංවිධානය මෙම ප‍්‍රහාර වැඩි ප‍්‍රමාණයක වගකීම බාරගත් අතර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ලවෙන ප‍්‍රහාරවලට තලේබාන් සංවිධානය ද වගකිව යුතු යැයි වාර්තා වේ.
පාකිස්තාන ජනගහනයෙන් 70% ක් පමණ සුන්නි මුස්ලිම්වරුන් වන අතර පසුගිය මාස කිහිපයේදී ෂියා මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ ප‍්‍රහාර ද එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd