පාකිස්තානයේ කරච්චි නුවර අද (13) සිදු වූ වෙඩි තැබීමකින් 43 දෙනකු ජීවිතක්ෂයට පත්වී 13 දෙනෙක් තුවාල ලැබූහ.
බස් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් හය දෙනකු වෙඩි තබා ඇතැයි වාර්තා වේ. ප‍්‍රහාරයෙන් මියගිය වැඩිදෙනා ෂියා මුස්ලිම් ජාතිකයන් බවත් ෂියා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් මේ වසරේදී එල්ල වූ දෙවැනි මාරාන්තික ප‍්‍රහාරය මෙය බවත් පාකිස්තාන පොලිසිය කියයි.
රෝහල් වාර්තාවලට අනුව මියගිය ගණන 43ක් බවත් තුවාල ලැබූ ගණන 13ක් බවත් වාර්තා වේ.
ත‍්‍රස්තවාදීන් පැමිණ වෙඩි තැබීමෙන් පසු දර්ශන එරට රූපවාහිනි නාළිකා විකාශය කර ඇති අතර බස් රථයේ තැන් තැන්වල ලේ විසිරී ඇති අයුරුත් බොහෝ දෙනා අසල පිහිටි රෝහලට දිව යන අයුරුත් එම රූපරාමුවල සටහන් වී ඇත.
ඉකුත් ජනවාරි 30 වැනිදාට පසු ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් පාකිස්තානයේ සිදු වූ මාරාන්තික ප‍්‍රහාරය මෙය වූ අතර ජනවාරි මාසයේ එල්ල වූ ප‍්‍රහාරයෙන් 61 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහිදි මරාගෙන මැරෙන බෝම්බකරුවකු පැමිණ ෂියා මුස්ලිම් පල්ලියක් තුළදී බෝම්බයක් පුපුරා ගත්තේය.
මෙතෙක් එල්ලවූ ප‍්‍රහාරවලින් ෂියා මුස්ලිම්වරු 1000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත.
ලක්ෂාර් ඊ ජාන්ග්වී නැමැති සුන්නි මුස්ලිම් සංවිධානය මෙම ප‍්‍රහාර වැඩි ප‍්‍රමාණයක වගකීම බාරගත් අතර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ලවෙන ප‍්‍රහාරවලට තලේබාන් සංවිධානය ද වගකිව යුතු යැයි වාර්තා වේ.
පාකිස්තාන ජනගහනයෙන් 70% ක් පමණ සුන්නි මුස්ලිම්වරුන් වන අතර පසුගිය මාස කිහිපයේදී ෂියා මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ ප‍්‍රහාර ද එල්ල විය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තානයේ වෙඩි තැබීමකින් 43 ක් මරුට