ඉන්ධන තොග හිඟ වීමත් ඉන්ධනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සම්බන්ධයෙන් පාකිස්තාන රජය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉකුත් වසරේ සිදු වූ ඛනිජ තෙල් අර්බුදයක් මුල් කරගනිමින් මෙම විමර්ශන ආරම්භ වී තිබෙන අතර මෙම ඛනිජ තෙල් අර්බුදය පිටුපස ඉන්ධන සමාගම් සිටින බවට සැකයක් මතු වී ඇතැයි පාකිස්තාන රජයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඛනිජ තෙල් අර්බුදය මුල් ගනිමින් ඛනිජ තෙල් සම්බන්ධ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේ දී පියවර ගත්තේ ය. ඊට අමතරව ඛනිජ තෙල් සම්බන්ධයෙන් පත් කර සිටින විශේෂ සහායකයා වන නදීම් බාබර්ට එම ධුරයෙන් ඉවත් වන්නැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ දී පවසා ඇත.
මෙම ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධ විමර්ශනය කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කරගෙන යෑම සඳහා එම නිලධාරීන් දෙදෙනාට තාවකාලිකව තනතුරුවලින් ඉවත් වන්නැයි නියෝග කළ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානයේ ෆෙඩරල් අමාත්‍යවරයකු වන අසාද් උමාර් පැවැසීය. ඔවුන් දෙදෙනාට ඉවත් වන්නැයි පැවසීමෙන් ඔවුන් දෙදෙනා වරදකරුවන් නොවන බව ද හෙතෙම කීය.
“මුළු මහත් ඉන්ධන කර්මාන්තය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා. මේ සිදුවීමෙන් ජාතියට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා කීය.
මේ අනුව පාකිස්තානයේ තෙල් සහ ගෑස් නියාමන අධිකාරිය, ඛනිජ තෙල් අංශය, වරාය අධිකාරිය සහ සමුද්‍රීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යන ආයතන මෙම විමර්ශනයට යටත් වේ.
“මේ අපරාධයට සම්බන්ධ සියලු දෙනා හිරේ දමනවා” යැයි පාකිස්තාන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද අමාත්‍ය අසාද් උමාර් පැවැසීය.
මෙම අපරාධය පිටුපස සිටින සියලු දෙනා හෙළි කරන බවත් තෙල් කර්මාන්තය පිටුපස දැවැන්ත මාෆියාවක් සිදුවන බවත් අමාත්‍යවරයා කීය. දශක ගණනාවක් මුළුල්ලේ මෙම අපරාධ සිදුවන බවත් විමර්ශනයෙන් පසු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නඩු පවරන බවත් හෙතෙම කීය.
මෙම ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් වෝහාරික විමර්ශනයක් කරන්නැයි පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ආයතනයට නියෝග කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් දින 90ක් ඇතුළත වාර්තාවක් දෙන්නැයි ද නියෝග කර තිබේ.
පාකිස්තානයේ ප්‍රමුඛතම තෙල් අලෙවි සමාගම් 10 සම්බන්ධයෙන් පාකිස්තානයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කිරීමට ද නියමිත ය.
මෙම ඉන්ධන වංචාව සිදුව ඇතැයි පැවසෙන්නේ ඉකුත් වසරේ ජූනි මාසයේ දී වන අතර ඉහත කී සමාගම් දහය ඊට සම්බන්ධ යැයි පැවසේ.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ මහා ඉන්ධන වංචාවක්