අධික රස්නය හේතුවෙන් පකිස්තානයේ 700ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස එරට අගමැති නවාෂ් ෂෙරීෆ් අදාල බලධාරින්ට නියෝග කැර ඇත.
පකිස්තානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ නැග ඇති අතර පකිස්තානය යුද හමුදාව තාප මර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරමින් අධික රස්නය පාලනය කිරීමට කටයුතු කරයි.
පකිස්තානු වැසියන් චෝදනා කරන්නේ අධික රස්නය පාලනය කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි. විදුලි පරිභෝජනයත් ඉහළ යාම හේතුවෙන් වරින් වර සිදුවන විදුලි ඇණහිටම් නිසා වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි පංකා ක්‍රියාත්මකව තබා ගැනීම ද වඩාත් ගැටළු සහගත වී තිබේ.
රාමසාන් උපවාස හේතුවෙන් ජනතාව ජලය පානයෙන් ද වැළකී සිටින බැවින් තත්ත්වය වඩාත් දරුණු වී ඇත. කරච්චියේ ප්‍රධාන රෝහල් වලදි පුද්ගලයන් 612 ක්ද පුද්ගලික රෝහල් වලදී පසුගිය දින හතර තිස්සේ 80 දෙනෙක් මියගොස් ඇති බව පකිස්තාන රජය නිවේදනය කරයි. මෙයින් බොහෝ දෙනෙක් අඩු ආදායම් ලාභි පවුල් වල වැඩිහිටියන්වේ. තවත් දහස් ගණනක් ප්‍රතිකාර ගනිමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දේව කෝපයක්!!! (ම)
මේ වගේ වෙලාවට හොදට වතුර බොන්න ඕන ...රාමසාන් උපවාස කරන්න මිනිහා නොමැරී ජිවත් වෙන්න එපාය (හේ)
අර ගැහැණු ඩෙනිම් අඳින නිසා භූ කම්පන වෙනවා කියපු අයට කිව්වා නම් තව මොනවාහරි කියයි. බලාගෙන යද්දි අපේ බන්දු ටෙනී පරාදනේ... (නි)
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ (ම)
විදෙස් මාධය ගොඩක් බොරු ලියන්නේ. (හේ)
අනේ දෙවියනේ! (නි)
ඔය රස්නේ ලංකාවට අවොත් කොහොමද ? එවන් විටක අපේ අයගේ කටවල් වැහෙයි කෙමෙන්ට් කරපු (ම)
ඕකෙන්ම තේරෙනවනේ කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා (නදී)
කෝ දෙවියනේ ? (නදී)
අනේ ගෝත්‍රික මිනිසුන්ට වෙච්ච දෙයක්. (නදී)
නිසාර්ට පිස්සු. මාධ්‍ය කියන්නේ ඇත්ත. (නි)