පකිස්තානයේ මර්දාන් නගරයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවකු එල්ල කළ ප්‍රහාරයකින් 12 දෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
යතුරුපැදියකින් පැමිණි බෝම්බකරු වයඹ දිග පකිස්තානයේ මර්දාන් හි රජයේ කාර්යාලයක ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී බෝම්බය පුපුරවාගෙන ඇතැයි කියති.
දිස්ත්‍රික් පොලිසියේ ප්‍රධානි ෆයිසාල් ෂේෂාද් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත්තේ දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 12 ක් බවත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබන්නට ඇති බවත්ය.
දිස්ත්‍රික් ප්‍රධාන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අලි ඛාන් ප්‍රකාශ කළේ 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd