
උතුරුදිග පාකිස්තානයේ මාර්ග රැසක ධාවනය වෙමින් තිබූ මෝටර් රථ සිය ගණනක් දරුණු හිම පතනයකට හසුවුණු බවත්,
එම මෝටර් රථවල සිටි 21 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
හිම තට්ටුවලින් වැසී ගියේ ගියේ පාකිස්තානයේ උතුරු දෙසින් පිහිටා ඇති මුර්ර් නගරය බලා දිවෙන මාර්ග යැයි පැවැසෙයි. මුර්රී යනු කඳුකරයේ පිහිටි නිවාඩු නිකේතනවලින් බහුල නගරයක් වන අතර, මෙය සංචාරක ආකර්ශණයකි.
පසුගිය දින කීපයේ මුර්රී නගරයට මෝටර් රථ ලක්ෂ 5 ක් පමණ පැමිණ ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. එසේ පැමිණි මෝටර් රථ හේතුවෙන් නගරයේ වෙනදාට වඩා වාහන තදබදයක් හට ගත් බවත්, හිම පතනය හේතුවෙන් එම වාහන තදබදය තවත් වැඩිවුණු බවත් පොලිසිය පවසා ඇත.
අධික සීතල හේතුවෙන් මියගොස් ඇත්තේ එසේ පැය ගණනක් මෝටර් රථවල කොටුවුණු පිරිස යැයි ද පැවැසෙයි. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට මෙසේ අධික හිම පතනයක් දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
හිම තට්ටු ඉවත් කිරීමටත්, වාහන තුළ සිරවුණු පිරිස් බේරා ගැනීමටත් හමුදාව යෙදවීමට බලධාරීහු කටයුතු කළහ. මුර්රී නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, මුර්රී නගරය අවට මාර්ග භාවිතයෙන් වළකින ලෙසත් ප්‍රාන්ත බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
599
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ මාර්ග හිමෙන් වැහිලා