පාකිස්තානයේ ලාහෝර් නුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. තුවාල ලැබූ පිරිස අඩු ගණනේ 100ක් පමණ වෙතියි කියති.
ලාහෝරයේ නිරිත දිග විශාල පිරිසක් එකතුව සිටි ගුල්ෂාන් ඊ ඉක්බාල් උයනේ ප්‍රධාන ගේට්ටුව අසලදී බෝම්බ පිපිරීම සිදුව ඇති අතර එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පාකිස්තාන පොලිසිය බීබීසී පුවත්සේවයට පවසා ඇත.
ලාහෝර් අවට ප්‍රධාන රෝහල් සියල්ලම හදිසි ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය කාලය පුරා පාකිස්තානයේ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ හා වෙනත් අන්තවාදී කල්ලි වල ප්‍රහාර ක්‍රියාත්මක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සහයෝගේ .ක්‍රිස්තියානි අය ඉලක්ක කරලා සාමයට කැමති ඉස්ලාම් අය බෝම්බ පුපුරවල .ලංකාවේ මෙහෙම ඉන්න ලැබෙන එකටත් සතුටු වෙන්න ඕනේ (බ)
පකිස්ථානය ඔබට සාමය උදාවේවා . අප අත් විඳපු භයන්කරය ඔබට අත් නොවේවා (ම)
ලංකාවෙත් වෙඩි නම් දැනටම පටන් අරන්. ළගදීම බෝම්බ පත්තු වෙන්න පටන් ගනීවි. (බ)