පකිස්තානයේ නිරිත දිග කෙටා නගරයේ පෝලියෝ එන්නත් මධ්‍යස්ථානයක් අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 15 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

පෝලියෝ එන්නත් ලබාදීමේ කඳවුරක් පැවැති එම ස්ථානයේ තුන්වැනි දිනටත් නිලධාරීන් සිය රාජකාරියේ යෙදී සිට ඇත. පොලිස් නිලධාරීන් 12 දෙනකු මිය ගිය අය අතර වෙතියි කියති.

සිවිල් වැසියන් දෙදෙනකු හා යුද භටයකුද මිය ගිය අතර වෙතියි විදෙස් පුවත් සේවා සඳහන් කරයි.