පාකිස්තානයේ දකුණු පන්ජාබ් ප්‍රාන්තයේ ගංවතුරින් පීඩාවට පත්වුණු වැසියන් ඉවත් කරමින් සිටි බෝට්ටුවක් පෙරළී යෑමෙන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පාකිස්තානයට බලපා ඇති ගංවතුර තත්ත්වය එරට ගම්මාන 4,100කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල කර ඇති අතර, තවත් මිලියන 2 කට අධික පිරිසක් නිවාසවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.