වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ පිපිරීමකින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.
කයිබර් පක්තුන්ක්වා පළාතේ ටාන්ක් දිස්ත්‍රික්කයේ මෙෂූද් කෙරුනා ප්‍රදේශයේ නිවසක් අසල තිබියදී දරුවන් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි එම පුවත් වාර්තාවල දැක්විණි.
එය සෙල්ලම් බඩුවක යැයි සිතා එම දරුවන් පුපුරණ ද්‍රව්‍ය සමඟ සෙල්ලම් කරමින් සිටියදී පුපුරා ගොස් ඇතැයි ප්‍රදේශයේ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබිණි.
මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයන් තිදෙනකු යැයි ද තවත් පුවත් සේවයක දැක්විණි.
මෙම පිපිරීම සිදුව ඇත්තේ ඉකුත් සිකුරාදා ය.
ප්‍රාදේශීය ආරංචි මාර්ග සහ පුවත් සේවාවලට අනුව මියගිය දරුවන් අවුරුදු පහත් 12ත් අතර වයස්වල පසුවෙයි.
කිසිදු සංවිධානයක් මේ වනතෙක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැතැයි ද පුවත් වාර්තාවල දැක්විණි.
පාකිස්තාන පුවත් සේවා ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd