IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානයේ පිපිරීමක්

වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ පිපිරීමකින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

කයිබර් පක්තුන්ක්වා පළාතේ ටාන්ක් දිස්ත්‍රික්කයේ මෙෂූද් කෙරුනා ප්‍රදේශයේ නිවසක් අසල තිබියදී දරුවන් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි එම පුවත් වාර්තාවල දැක්විණි.

එය සෙල්ලම් බඩුවක යැයි සිතා එම දරුවන් පුපුරණ ද්‍රව්‍ය සමඟ සෙල්ලම් කරමින් සිටියදී පුපුරා ගොස් ඇතැයි ප්‍රදේශයේ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබිණි.

මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයන් තිදෙනකු යැයි ද තවත් පුවත් සේවයක දැක්විණි.

මෙම පිපිරීම සිදුව ඇත්තේ ඉකුත් සිකුරාදා ය.

ප්‍රාදේශීය ආරංචි මාර්ග සහ පුවත් සේවාවලට අනුව මියගිය දරුවන් අවුරුදු පහත් 12ත් අතර වයස්වල පසුවෙයි.

කිසිදු සංවිධානයක් මේ වනතෙක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැතැයි ද පුවත් වාර්තාවල දැක්විණි.

පාකිස්තාන පුවත් සේවා ඇසුරිනි



අදහස් (0)

පාකිස්තානයේ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site